online-passport-30000

අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාසයක කාලයක් තුළ පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.



අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, පසුගිය ජුනි 15 වන දින සිට ගත වූ දින 30ක කාලය තුළ පුද්ගලයින් 29,578 දෙනෙකු ඒ සඳහා අයදුම් කර ඇති බවයි.

ඉන් 5,294 දෙනෙකු එක්දින සේවය සඳහා ද, 24,285 දෙනෙකු සාමාන්‍ය සේවය සඳහා ද අයදුම්පත් ඉදිරිපත් කර තිබෙයි.

අදාළ ක්‍රමය ක්‍රියාවට නැංවීම හේතුවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද මේ වන විට අවසන් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් සඳහන් කළේය.