padaviya-hospital

විදුලි බිල නොගෙවීම හේතුවෙන් පදවිය මූලික රෝහලේ විදුලිය විසන්ධිකර ඇති අතර ඒ නිසා එහි පානීය ජල පෙරණයේ ජලය මුදා  හැරීම ද නැවතී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් එහි රෝගීහු දින ගණනාවක් තිස්සේ දැඩි අපහසුතාවට පත්ව සිටිති. රුපියල් හැත්තෑ හතර දහසක (74,000) පමණ විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් පදවිය රෝහලේ විදුලිය මෙසේ විසන්ධි කර ඇති අතර එය නේවාසික රෝගීන්, බාහිර රෝගීන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ඉදිවුණු මෙම ජල පෙරණය බුද්ධංගල උප බළකා සිවිල් ආරක්ෂක භටයන් විසින් පවත්වාගෙන යනු ලැබේ. දිනකට පානීය ජල ලීටර් 800ක් 1000ක් අතර ප්‍රමාණයක් මෙමගින් බෙදා හරින අතර වෙනම මීටරයක් හරහා විදුලි සම්බන්ධතාව ලබා ඇත.

මෙහි විදුලි බිල රජය මගින් පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුදල් එවීමෙන් පසු විදුලිබල මණ්ඩලයට ගෙවනු ලැබේ.

විදුලි බිල නොගෙවීම සම්බන්ධව අප පදවිය සහකාර ප්‍රාදේශීය ලේකම් එස්. සුමේධ ජයලත් මහතාගේ විමසූවිට ඔහු ප්‍රකාශ කළේ විදුලිබිල ගෙවීමට තම කාර්යාලයට මුදල් ලැබී නොමැති බවය. කෙසේ වෙතත් විකල්ප මාර්ග ඔස්සේ හෝ රෝගීන්ගේ පානීය ජල ප්‍රශ්නය තාවකාලිකව හෝ විසඳීමට කටයුතු කළ යුතු බව ඔහු කීවේය.

පියදාස සමරවීර