කඩුවෙල නවගමුව ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ ආවාස කාමරයක් තුළ ඇතිවූ පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග හෙළි කර තිබේ.
නවගමුව රක්ෂාපන පාර, ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන පල්ලේගම සුමන හිමියන් තවත් කාන්තාවක් දෙන්නෙකු සමග අනියම් ඇසුරක් පවත්වමින් සිටි අවස්ථාවක විහාරස්ථානයට කඩා වැදුණ පිරිසක් එම හිමියන්ට හා කාන්තාවට පරුෂ වචනයෙන් බැණවදිමින් පහරදෙමින් කලහයක් සිදු කර තිබුණි.
විහාරස්ථානයේ අසල්වාසී දායකයින් බවට සැලකෙන මෙම පිරිස එම සිදුවීමේ විඩියෝවක්ද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
මෙම සිදුවීම අවස්ථාවේ තමාට හා කාන්තාවන් දෙදෙනෙකුට විහාරස්ථානය තුළදී පහරදීමක් කළ බවට පල්ලේගම සුමන හිමියන් පොලිසියට පැමිණිල්ලක් කර තිබීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙයි.
පොලීසිය කියා සිටියේ පහරදී තුවාල සිදු කිරීම හා විහාරස්ථානයේ දේපලවලට අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බවයි.
තුවාල ලැබූ හිමියන් සහ එක් කාන්තාවක් ප්‍රතිකාර සඳහා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙයි.පහර කෑමට ලක්වූ වයස අවුරුදු 22ක අනෙක් කාන්තාව පොලිස් ස්ථාන ආරක්ෂාවට පත්කර ඇතැයි වාර්තාවේ.
සිද්ධියට අදාළ පෙර වාර්තාව
අනියම් ඇසුරුකම් නිසා දායක සභාවේ පහරකෑමට ලක්වූ පල්ලෙගම සුමන හිමි
0 Comments