panadura-saman-de-silva

ජනප්‍රිය ගායක සමන් ද සිල්වා ඇතුළු පිරිසක් පානදුර පාලම අසල ආපන ශාලාවක ආහාර ගැනීමෙන් අනතුරුව එයට අදාළ රුපියල් 1650 ක් වූ බිල්පත මුදල් වලින් ගෙවන්නට නොහැකි බවත් කාඩ් පමණක් ඇති බවත් දක්වමින් අවන්හලේ පිරිස සමග කලබලයක් සිදුකරගෙන තිබේ.
සාමාන්‍ය මට්ටමේ ‘සයිවර් කඩයක්‘ ලෙස හැඳින්විය හැකි එම අවන් හලේ මුදල් නෝට්ටු කාසි ගනුදෙනු පමණක් සිදුකරන තැනකි. ඒ ගෙවීම් ක්‍රමය තමාට කළ නොහැකි බව පවසමින් සමන් කලබලය සිදු කර තිබුණි.


මෙම අවස්ථාවේ තමා ලෝකෙ වටේ ගායනා කරමින් යන සමන් ද සිල්වා බවත් තමන් කවුදැයි දන්නෙ නැතිවීම පුදුමයක් බවත් කියමින් ගායකයා අවන් හල් සේවකයින්ට තරවටු කර තිබෙන අතර පරුෂ වචනයෙන් බැණවැදී අවසානයේ බිලත් නොගෙවා පිටව ගොස් ඇති බව වාර්තාවේ.
ඇති වූ බහින් බස් වීම හා පුටු පොළවේ ගසමින් සිදු කළ කලහය වීඩියෝ පටිගත වී තිබෙන අතර සුළු තුවාල ලද අවන්හල් සේවකයින් දෙන්නා රෝහල් ගතවී ප්‍රතිකාර ලබා අදාළ වෛද්‍ය වාර්තාද ලබාගෙන තිබුණි. ඒ අනුව පානදුර පොලිසියේ සමන් ද සිල්වාට එරෙහිව ඔවුන් පැමිණිල්ලක් ගොනු කර තිබේ.
 සේවකයන් දෙදෙනකුට පහර දී දේපලවලට ද අලාභානි සිදු කළැයි පැමිණිල්ලේ සඳහන්වේ.
ගායකයා ඇතුළු පස් දෙනකුගෙන් යුත් පිරිස එම ආපන ශාලාවට රාත්‍රී 11.20 ට පමණ ආහාරය ගැනීමට ආ බවද ඔවුන් පැමිණ කලහය සිදුකරන අයුරු වීඩියෝ සාක්ෂි ඇති බවද පැමිණිලි කරුවන් පවසා තිබේ.


 බිල නොගෙවා පිටව යාමට සැරසීමත් සමගම සේවකයන් එයට විරුද්ධ වූ අවස්ථාවේදී එම ගායකයා ආවේගශීලිව හැසිරී ඇති අතර ඔහු සමග සිටි පිරිස වේටර්වරයකුට සහ මුදල් අයකැමිවරයාට පහරදී තිබෙයි.
හෝටලයේ බිල නොගෙවූ සමන්ගේ පිරිස සේවකයන් දෙදෙනකු සුළු තුවාල සිදු කර ප්ලාස්ටික් පුටු හතරකට සහ විශාල ප්‍රමාණයේ වතුර බෝතල් 12 කට අලාභ කර පිටව ගොස් තිබුණි.

සේවකයෙකු පැවසුවේ “උඹ මාව අඳුන්නන්නැද්ද යකෝ.. මම ලෝක වටේම ගිහිල්ලා සින්දු කියනවා.. රටවල් ගණනාවකට ගිහින් තියෙනව ඒ අය අඳුනනවා.. ඒත් උඹ මාව අඳුරන් නැහැ... කියල මේ පුද්ගලයා මට බැන්නා. ඇත්තටම මං එයාව දන් නැහැ.
ඊට පස්සේ බිලදුන්නාම ඒටීඑම් කාඩ් එකක් දුන්න...අපි මෙවයින් ගනුදෙනු කරන් නෑ කිව්වාම රණ්ඩුවට ආවා. ඒත් සල්ලි ගෙව්වෙ නැහැ.
ඊට පස්සේ සල්ලි නොදී යන්න හදනකොට අපි කිව්වා එහෙම කරන්න එපා මේ මහන්සි වෙලා බොහොම අමාරුවෙන් මේ දේ කරන්නේ.. කියලා. ඊට පස්සෙ තමා අපට ගහල අලාභ කරල ගියේ..“