police-traffic

ඌරුබොක්ක පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරියක ඛාරයේ තිබූ දඩ පත්‍රිකා පොතේ පිටු 50ක් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.උප ලේඛන පත්‍රිකාවේ අංක 01 සිට 50 දක්වා පිටු මෙලෙස අතුරුදන්වී ඇති බව පොලිසිය පවසයි.

මෙම දඩ පත්‍රිකා අතුරුදන් වූ දින වකවානු මෙතෙක් අනාවරණය වී නැතැයි ද පොලිසිය කියයි. රථවාහන අංශය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පෙරේදා (13) කළ දැනුම් දීමකට අනුව ස්ථානාධිපතිවරයා විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් රථවාහන අංශයේ නිලධරින් රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය කියයි. ඌරුබොක්ක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. මීට පෙර ආගරපතන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පැමිණිලි සටහන් පොතේ පිටු 160ක් කඩා ඉවත් කර කිහිපයක් පුලුස්සා විනාශ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් එම පොලිසියේ සැරයන්වරයකුගේ සහ ආධුනික කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර ඇත.

ඉන්දිකා රාමනායක