ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල්වරයකු බාරයේ තිබූ දඩ පත්රිකා පොතක් ඉකුත්දා (17වැනිදා) අස්ථාන ගත වී ඇති අතර, දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ තාවකාලික රියැදුරු බලපත්ර නිකුත් කිරීමේ පොතක්ද එදිනම කිසියම් පිරිසක් විසින් සොරාගනු ලැබ ඇති බව පොලිසිය කියයි. ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයකු භාරයේ තිබූ පිටු 700 සිට 750 දක්වා පිටු ඇති දඩ පත්රිකා පොත මෙලෙස අස්ථානගත වී ඇති බවත්, පොතේ 726 සිට 750 දක්වා ඇති දඩ පත්රිකා භාවිත කර නොමැති බවත් පොලිසිය පවසයි.
එය මෙතෙක් හමු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව පොලිසිය කියයි. මේ අතර දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු ඉකුත්දා (17) මැදගම නගරයේ රථවාහන රාජකාරියේ සැහැල්ලු ලොරියක් නවතා අත්අඩංගුවට නිරත වෙමින් සිටියදි බීමත් රියදුරකු පැදවූ ගෙන ඇති අතර 20 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් එහිදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරී ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම බාධාකිරීම් මැද පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ගෙන ඇති අතර, පොලිස් නිලධාරින් සැකකරු ද රැගෙන පිටත්ව යෑමට සූදානම් වූ අවස්ථාවේ ඔවුන් පැමිණි පොලිස් යතුරු පැදියේ පැති පෙට්ටියේ දමා තිබූ තාවකාලික රියැදුරු බලපත්ර පොත කිසිවකු සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබේ. එම පොතේ පිටු 889 සිට 900 දක්වා වලංගු දඩකොළ තිබී ඇති බව පොලිසිය කියයි. සොරාගත් තාවකාලික රියැදුරු බලපත්ර පොත මෙතෙක් හමුවී නොමැත. දෙහිඅත්තකණ්ඩිය හා ඇඹිලිපිටිය පොලිස් ස්ථාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක
0 Comments