praveena-dissanayake

නාඩගම්කරයො ටෙලිනාටයේ ගීතිකා විදිහට කලා ක්ෂේත්‍රයට ආපු  ප්‍රවීණා දිසානායක මේ දවස්වල රෝස ටෙලිනාටයේ මාලතී විදිහට ආපහු රසිකයො අතරට ඇවිත් ඉන්නවා.මෙතෙක් ඇය රඟපාපු චරිත වලට වඩා වෙනස්ම චරිත‍යක් තමයි රෝස ටෙලිනාටයේ රඟපාන්නෙ. උතුරු මැද පළාතේ අනුරාධපුරයෙන් ආපු ඇය දැන් දකුනු පළාතේ භාෂාව කතා කරනවා.ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම විස්තර දැනගන්න ගොසිප් ලංකා අපි හිතුවා ප්‍රවීනා එක්ක කතා කරන්න.

මේ දවස්වල රෝස එක්ක වැඩකටයුතු කොහොමද ?
ඔව්.රෝස ටෙලිනාටයේ මාලතීගේ චරිතය තමයි මම රගපාන්නෙ. මේ දවස්වල රෝස වැඩකටයුතු සාර්ථකව කරගෙන යනවා.

රෝස ටෙලිනාටයේ අධ්‍යක්ෂිකා ෂර්මිලා දර්මරාස වගේ ප්‍රවීන අධ්‍යක්ෂිකවරියක් එක්ක වැඩ කරන එක මොනවගේ අත්දැකමක්ද ?

ෂාම් මැඩම් වගේ ප්‍රවීන අද්‍යයක්ෂකවරියක් එක්ක වැඩ කරන්න ලැබුන එක ලොකු වාසනාවක්. ඇ‍යගේ නිවැරදි අධ්‍යක්ෂණය නිසා අපිට අපේ රංගන කටයුතු හරියාකාරව කරන්න ලොකු පහසුවක් ලැබෙනවා.

මාලතී කියන චරිතය දකුණු පළාතේ භාෂාවත් එක්ක ගොඩනැගිලා තියෙන්නෙ. කොහොමද මේ චරිතයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ?

දකුණු පළාතේ කියුවට අපි නිතර අහලා පුරුදු දකුණෙ භාෂාව නෙමෙයි මේ චරිතයට යොදාගෙන තියෙන්නෙ.දකුණෙ භාෂාවට සමාන වෙනත් භාෂාවක් කිව්වොත් හරි.



ඒ භාෂාව කතා කරනඑක අමාරු උනාද ?

මුලදි ටිකක් අමරු උනා. පස්සෙ චරිතයට හුරු වෙද්දි ප්‍රශ්නයක් උනේ නැහැ.

 ගීතිකාද වැඩිපුර ජනප්‍රිය නැත්තන් මාලතීද ?

 මාලතීටත් හොද ප්‍රතිචාර ලබෙනවා. හැබැයි ගීතිකා හින්දා තමයි මම නිලියක් වෙන්නෙ. අදටත් මම රගපාපු චරිත අතරින් තාමත් ජනප්‍රිය ගීතිකා.

 නාඩගම්කරයො දෙවෙනි කොටස එනවා කියලා ආරංචියක් තියනවා.ඇත්තද ඒක ?


නාඩගම්කරයොන්ට ආදරය කරපු රසිකයො වගේම මමත් කැමතියි නාඩගම්කරයෝ දෙවෙනි කොටසකින් ගීතිකා වෙලා ආපහු රසිකයො අතරට එන්න.හැබැ‍‍යි මම දාන්න විදිහට තාම නාඩගම්කරයො නිෂ්පාදාක කණ්ඩායම දෙවෙනි කොටසක් කරන්න සූදානමක් නැහැ.

මේ දවස්වල සමාජ මාධ්‍යවල හුගක් ජනප්‍රියයි නේද ?

මම face book, instagram දෙකම පාවිච්චි කරනවා. ඒ දෙකෙන්ම හොද ප්‍රතිචාර තියනවා.

කෙටි කාලයක් ඇතුලත ජනප්‍රියත්වයට පත්වීම ගැන මොකද හිතන්නෙ ?

ඇත්තටම රසිකයන්ගෙ ආදරයට මමත් ගොඩක් ආදරෙයි. ඒ ගැන මම ගොඩක් සතුටුයි වගේම රසිකයන්ට ස්තූතිවන්ත වෙනවා මාත් එක්ක ඉන්න එකට.



රංගනයට වගේම නර්තනයටත් දක්ෂයි නේද ?

ඔව් ඉස්කෝලෙ යන කාලෙ ඉදලා මම නර්තනය හැදෑරැවා.ඒ හැදෑරීම නිසා හොදට නටන්න පුලුවන්.


ඉදිරියෙදි ඔබව දකින්න පුලුවන් වෙනත් නිර්මාණ මොනවද  ?

මම රගපාපු තවත් නිර්මාණ කිහිපයක් ඉදිරියෙදි විකාශය වෙන්න තියනවා. ඒ අතරින් හසුන් සමීර අධ්‍යක්ෂණය කරන සීසන් ටෙලිනාට්‍යය ළගදීම විකාශය වීමට තිබෙනවා. සීසන් කියන්නෙ කතරගම පුදබිම ආස්‍රයෙන් නිර්මාණය කරපු ටෙලිනාට්‍යයක්. ඉතින් ප්‍රේක්ෂකයන්ට ඒ නිර්මාණය රසවත් වෙනස් අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා.

අවසාන වශයෙන් ඉදිරි බලාපොරොත්තු මොනවද ?

මේ වෙද්දි මම මනෝ විදයාව හදරමින් ඉන්නවා. ඉතින් ඉදිරියෙදි මනෝ උපදේශිකවක් ලෙසින් වගේම නිලියක් විදිහටත් කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ලක්ෂාන් ජයසූරිය
ජනනි පතිරණගේ