
හිටපු ජනපතිවරුන්ට ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව දී ඇති වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති වරප්‍රසාද පනතට අනුව හිටපු ජනාධිපතිවරයකුට හිමිවන්නේ විශ්‍රාම වැටුප,
නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම්වරයකු සදහා වන වේතන පමණි. නමුත් පසුගිය කාලවලදී හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට බොහොමයක් වරප්‍රසාද ඇතුළත් කර ජල බිල්පත්,විදුලි බිල්පත් ගෙවීම් ඇතුළු තිබිණි.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවක තීන්දුවකින්ද ජනාධිපති වරප්‍රසාද පනත අනුව කටයුතු කරන්නැයි රජයට උපදෙස් ලැබී ඇත. ඒ අනුව මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබාදීමෙන් ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති දෑ කපා හැරීමට සිදුවනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
අංජුල මහික වීරරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval