කොළඹ බත්තරමුල්ල වොටර්ස්ඒජ්හි සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයකින් එයට සහභාගීවීමට සිටි ගායක ගායිකාවන් ඉවත්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණයවී තිබේ. ‘රඟහල‘ නමැති මෙම ප්‍රසංගය ලබන 28 වනදා පවත්වන්නට දින යොදා අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවි කරමින් තිබූ අතර කසුන් කල්හාර,සේනක බටගොඩ,උමාරා සිංහවංශ හා රොමේෂ් සුගතපාල ප්‍රධාන කොටගත් ප්‍රසංගයක් ලෙස පවත්වන බව මුල් නිවේදන වල දැක්විණි. නමුත් පසුව සංවිධායකයින් මෙම ප්‍රසංගයට ඉරාජ් වීරරත්නවත් ගෙන්වීමට තීරණය කර ඇති අතර ඉරාජ් එනවානම් අපි නැතැයි කියමින් වාදයක් හටගත් බව වාර්තා විය.
ගිවිසුම්ගත ආකාරයට ප්‍රසංගය නොපවත්වන නිසා ඉවත්වන බව කියමින් කසුන් කල්හාර හා උමාරා සිංහවංශ මෙම ප්‍රසංගයෙන් ඉවත්වන බවට සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් තබා ඇති අතර දැනටමත් ප්‍රවේශපත් මිලටගත් අයට සිදුවීම පැහැදිලි කිරීමට සටහන තැබු බව පවසා ඇත. නමුත් එම නිවේදන වල ඉරාජ්ගේ නම සඳහන් නොකරන්නට ඔවුන් වග බලාගෙන තිබුණි.
කෙසේ වෙතත් මේ ගැන සංවිධායකයින් ගෙන් විමසීම් කරන හඩ පටයක්ද සමාජ මාධ්‍ය වෙත එක්ව ඇති අතර එහිදී සංවිධායකයෙකු සඳහන් කරන්නේ ‘ඉරාජ් ස්වෙච්චාවෙන් මෙම ප්‍රසංගයට එක්වන බවත් පිළිකා අරමුදලකට මුදල් එකතු කර දීම අරමුණු කර ඇති බවත්ය. ප්‍රසංගයේ අග කොටසට පමණක් ඉරාජ් සම්බන්ධවන බවද සංවිධායක එම ඇමතුමේදී පවසයි.
පසුගිය මැතිවරණ සමයන්හිදී හා ඉන් පසුව දේශපාලනයට සම්බන්ධ නිර්මාණ වලට දායකවීම නිසා ක්ෂෙත්රය තුළ ඉරාජ් පිළිකුල් කරන පිරිස් හා ඔහු හා ගැටලු පවතින පිරිස් නිර්මාණය විය.
ඔහු සමග එකට වැඩකරන්නට අපහසු බවට මෙම ප්රසංගයේදී පිරිසක් වෙන පැත්තක් ගෙන ඇත්තේද ඒ නිසා විය යුතුය. මෙම ප්‍රසංග සංවිධායකයෙකු ලෙස රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ නිලධාරියෙකු වැඩ කරන බවටද සමාජ මාධ්‍ය තුළ තොරතුරු පළව ඇත. තහවුරු නොකළ තවත් පුවතක දක්වා ඇත්තේ කසුන් උමාරාලාට මෙම ප්‍රසංගයෙන් ඉවත්වන්නට සිදුව ඇත්තේ මුදල් යෙදවූ
ව්‍යාපාරිකයෙකුගේ බලපෑමක් නිසා බවයි.
0 Comments