ranil-13-amendmend

ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සර්ව  පාක්ෂික සමුළුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි සඳහන් කරයි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්  සර්ව පාක්ෂික රැස්වීමක් ලබන සතියේ පැවැත්වීමට යන බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන්
මාධය වෙත තොරතුරු දැනටමත් ලබාදී ඇත.


වාර්තාවන ආකාරයට ඉතාම ඉක්මනින් ලබන බදාදා එනම් ජූලි 26 වනදා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව
 පැවැත්වීමට නියමිතය.
සිය ඉන්දීය සංචාරයේදී ජනපති ප්‍රමුඛ නියෝජිත පිරිස 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු උඩරට දෙමළ සුළුතරයට බලපාන ගැටලු පිළිබඳව සමාලෝචනය කළ බව
ඉන්දියාවෙන් පැමිණි පසු අමාත්‍ය අලි සබ්‍රි මාධ්‍යවේදීන්ට දැනුම් දුන් අතර එම සාකච්ඡා ධනාත්මක සටහනකින් අවසන් වූ බව දන්වා තිබුණි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, බලශක්ති හා ආර්ථික
සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවගේ සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කර තිබුණි.
මින් ඉහත මේ ගැන ජනපතිවරයා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ සංඝයා වහන්සේලාගේ විරෝධතා පැනනැගුණ අතර පසුව කථාව යට ගියේය.
ඉදිරියේදී දෙමළ ජනතාවගේ හා සුළු පක්ෂවල ප්‍රසාදය දිනාගැනීමේ අටියෙන් මෙම සං‍ශෝධන වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ රජය උනන්දුවී ඇති බවට දේශපාලන ආරංචි හෙළිදරව් කර තිබේ.