සාමාන්‍ය යෙන් සිදු නොවන ආකාරයට රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට (19) දිනයේ දී වර්ජනයක් කැඳවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දන්වා තිබේ.


 ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රෝහලේ ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් දිගින් දිගටම කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.


හෙට දිනයේ සිදුකරන මෙම වර්ජනයට රෝහල් අධ්‍යක්ෂවරයා වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර ඇති අතර මේ හේතුවෙන් අනපේක්ෂිත ලෙස කුඩා දරුවන් අපහසුතානයට ලක්වනු ඇත.
වර්ජනය ක්‍රියාත්මක වෙද්දී රෝහලේ හදිසි සේවාවන් පමණක් ක්‍රියාත්මක වනු ඇත.