sachini-perera-speaks

තම මවගේ වෛද්‍ය ප්‍රතිකාර සදහා මුදල් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඩුබායිහි ගෘහ සේවයට පැමිණියත් තමාගේ එකම  සිහිනය ජාත්‍යන්තර තරගයකදී රිට් පැනීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ශ්‍රී ලාංකික දියණියක වීම බවත් රිටි පැනීමේ ශූරියක වන සචිනි පෙරේරා මහත්මිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ද නැෂනල්’ පුවත්පතට පවසා  ඇත. අසරණ වූ තමන් වැනි මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලංකාවේ සිටින බවත් ඔවුන් පිළිබඳව ද ශ්‍රී ලාංකිකයන් දැනගත යුතු බවත් සචිනි පෙරේරා මහත්මිය  පවසා ඇත.

රිටි පැනීමේ ඉසව්වෙන් ජාතික වාර්තා පිහිටු වූ 24 හැවිරිදි සචිනි පෙරේරා මහත්මිය සිය පවුල රැකබලාගැනීම සඳහා ඩුබායි හි ගෘහ සේවයට පැමිණ ඇති බව එම පුවත්පත වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ දිගු කාලීන රැකවරණයක් අවශ්‍ය සචිනි පෙරේරා මහත්මියගේ මව රැකබලා ගැනීම සඳහා මුදල් සොයාගත නොහැකි වීම හේතුවෙන් ඇයගේ සිහින අමතක කර දමා සචිනි පෙරේරා මහත්මිය ඩුබායි හි ගෘහ සේවයට පැමිණීමට මූලික හේතුව වී ඇතැයි ‘ද නැෂනල්' පුවත්පත පෙන්වා දී ඇත.

තමන් රැකියාවෙන් ගෘහ සේවිකාවක වුවත් සිතින්  තවමත් ජිම්නාස්ටික් සහ මලල ක්‍රීඩිකාවක බව සචිනි පෙරේරා මහත්මිය ඇත. ඇයගේ සිහින අමතක කර දමා ගෘහ සේවිකාවක ලෙස රැකියාව කළත් තවමත් ජාත්‍යන්තර තරගයකින් රන්  පදක්කමක් ලබා ගැනීමේ සිහිනය අමතක කරා දමා නැතැයි ද නැෂනල්' පුවත්පත පෙන්වා දී ඇත. දවල් කාලයේදී කුඩා දරුවන් රැක බලා ගත්තත් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලබා දී ඇති ව්‍යායාම කාල සටහන පිළිපැදීමට අමතක නොකරන බවත් ඒ සඳහා සේවය කරන නිවසිද විශාල සහයක් ලැබෙන බවත් සචිනි පෙරේරා මහත්මිය පවසා ඇත.

පියවරෙන් පියවර තමන් නැවතත් පියාසර කිරීමට කෙදිනක හෝ තම සිහිනය සැබෑ කර ගන්නා බවත් ඇය නැෂනල් පුවත්පතට ප්‍රකාශ කර ඇත. සචිනි පෙරේරා මහත්මිය  සඳහා එමිරේට්ස් හි ක්‍රීඩා අංශයේ රැකියාවක් සොයා දීමට උත්සාහ කරන බව ඩුබායි හි කොන්සොල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර ද නැෂනල්' පුවත්පතට පවසා ඇත.
 විමුක්ති එස්. රුද්‍රිගු