panadura-saman-de-silva

පානදුර හෝටලයක පසුගියදා (01) රාත්‍රි ආහාර පාන ලබාගෙන එහිදී ඇති වූ ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත චෝදනා එල්ලවී සිටි ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් ලබා දී සිද්ධිය සමථයට පත්කර ගැනීමට ඊයේ (03) එකඟ වූ බව පානදුර දකුණ පොලිසිය පවසයි.

එම මුදල් ලබාගැනීම සඳහා පැමිණිලි පාර්ශ්වය ද එකගත්වය පළකර පැමිණිල්ල ඉල්ලා අස්කර ගත් බව ද පොලිසිය කීය. පැමිණිලි පාර්ශ්වය මුදල් ලබාගැනීමෙන් පසු පැමිණිල්ල තවදුරටත් විභාග කිරීමට අවශ්‍ය නොවන බව දැනුම් දීමෙන් අනතුරුව දෙපාර්ශ්වයට අවවාද කර පිටත්කර යැවූ බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා ඉකුත් 01 දා රාත්‍රි මිතුරන් පිරිසක් සමග පානදුර වලාන  ප්‍රදේශයේ අවන්හලකට ගොස් පරාටා, කොත්තු සහ කුකුළු මස් මිල දී ගෙන ආහාරයට ගෙන ඇත. ඉන් පසු බිල්පත නිරවුල් කිරීමේ දී ඇති වූ කතා බහකින් පසු එහි මුදල් අයකැමිවරයාට සහ වේටර්වරයකුට පහර දී ප්ලාස්ටික් පුටු දෙකකට හානිකර ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කීය. ප

ැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (03) පෙරවරුවේ දෙපාර්ශවය පානදුර දකුණ පොලිසියට කැඳවා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සමන් ද සිල්වා මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, මාධ්‍ය මගින් ප්‍රචාරය කළ පරිදි සිදුවීමක් නොවූ බවත් රුපියල් 25,000 ක් දී දෙපාර්ශ්වය සමථයට පත්වූ බවත්ය.

සුමිත් පොතුපිටිය