sanath-nishantha

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස නොමැති පවුල් සඳහා නිවාස ඔප්පු ප්‍රදානය කිරීම ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් පසුගියදා සිදුකරන ලදි.


නිවාස නොමැති ජනතාවට නිවාස ලබාදීමේ අරමුණ ඇතිව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරනු ලැබූ නව නිවාස 05 ක්  සහ ඒවාට අදාල ඔප්පුද, චෙක්පතක්ද මෙහිදී ප්‍රතිලාභින් 06 දෙනෙකු අතට ප්‍රදානය කෙරිණි.
 විජයපුර බටහිර   ආර්.පී.එන්. සමන්මලී,  වනාතවිල්ලුව  ජී.ඒ.එම්. අමිතසේන, ජේ. එම්. නුඑඅන් ශ්‍රීලාල්, කේ. ටි. සමන් කුමාරතුංග,  එළුවන්කුළම නදීරා මාලනී නිවාස ඔප්පු සහ පී.මේරි. කැලිස්ටා(අංක 05) චෙක්පත මෙහිදී හිමිකර අයුරු ඡායාරූප වල දැක්වේ.