sashmi-dissanayake

පිලිපීනයේ මැනිලා නුවර පැවැති Mrs Earth 2023 ජාත්‍යන්තර තරගයේ කිරුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සශ්මි දිසානායක ජයග්‍රහණය කර තිබෙයි. එම තරගාවලියට පිලිපීනය, ජපානය, ඇමරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර්, සිංගප්පූරුව, නයිජීරියාව ඇතුලු රටවල් රැසක් නියෝජනය කර තිබූ අතර සශ්මි දිසානායක Best in Catwalk, Overall Best in Gown, Overall Best In Resort wear, Best In Talent යන අනු තරගාවලි සියල්ලද ජයග්‍රහණය කර අවසානයේ කිරුළ දිනාගත්තාය.
තරගයේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර වූ අතර ඇයගේ පුහුණුකරු, ලෙස රුක්මල් සේනානායක කටයුතු කළේය.