
2024 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන දෙමාපියන් හෝ නීත්‍යනුකූල භාරකරුවන් ආදර්ශ පෝරමය සහ උපදෙස් අනුව සකස් කරන ලද අයදුම්පත් ඉදිරිපත් කර 2023 අගෝස්තු 18 ට පෙර. ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසල් ප්‍රධානීන් වෙත එවිය යුතු බව අමාත්‍යාංශය කියා සිටියි.
එසේම සියලුම සුදුසුකම් සපුරා තිබිය යුතු අතර 2023 ජුනි 30 දක්වා වලංගු විය යුතු බව අමාත්‍යාංශය පවසයි.
ආදර්ශ අයදුම් පත්‍රයක් www.moe.gov.lk වෙබ් අඩවියේ පළ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval