මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පාසල් පැමිණීමේ ප්‍රතිශතය 40% සේ සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව පාසල් පැමිණීමේ ප්‍රතිශතය 40% ලෙස සැලකීම 2023 වර්ෂයට පමණක් අදාළ ව සිදු කිරීමට නියමිතය.
පාසල් පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධ ගැටලු මත සිසුන්ට අ.පො.ස. උසස් පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් ලෙස පෙනී සිටීමට ඇති අවස්ථාව අහිමි නොකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ. ඒ අනුව අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර ඇත.
එමෙන්ම 2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15වැනි ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 27වැනි සඳුදා සිට දෙසැම්බර් 21වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ද දැනුම් දෙයි.
නවෝද්‍යා පවනී
0 Comments