බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් වරක් අමීර් ඛාන්ට ලැප්ටොප් පරිගණකයක් මිලදී ගත් නමුත් තාක්ෂණය සමඟ කටයුතු කිරීමට අමීර් එතරම් දක්ෂයෙකු නොවන නිසා ලැප්ටොප් පරිගණකය ඔහු වසර පහක් තිස්සේ ක්රියාත්මකකලේ කළේ නැත.
NASSCOM හි වාර්ෂික තාක්ෂණික සහ නායකත්ව සමුළුව අමතමින් අමීර් මේ පිළිබඳව ප්‍රකාශ කළේය.එහි දී අමීර් හෙළිකලේ 1996 දී ෂාරුක් තමාට නවතම පරිගණකයක් මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් එහි අවශ්‍යතාවය අමීර් නොදුටු නමුත් ෂාරුක්ගේ බල කිරීම මත එය මිලදී ගැනීමට එකඟ වූයේය කියාය.
නමුත් අමීර් වසර පහක් තිස්සේ එම ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක නොකළේය.
වසර ගණනාවකට පසු ඔහුගේ කළමනාකරු ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කිරීමට උත්සාහකල නමුත් එය ක්‍රියාත්මක නොවීය.
උත්සවය අමතමින් අමීර් පවසා තිබුණේ, “මම තාක්ෂණය සමඟ දුරස්ථවීම නිසා මෙම ගැටලුව ඇතිවුණා" කියාය.
ශාරුක් ඛාන් සහ අමීර් ඛාන් සමීප මිත්‍රයන් වූවත් ඔවුන්ට එකට රඟපෑමට ලැබුනේ 1993 වසරේ තිරගතවුන අශුතෝෂ් ගෝවාරිකර් අධ්යක්ෂණයකල පෙහ්ලා නාෂා චිත්‍රපටයේ පමණක්වන අතර එහිද ෂාරුක් සිදුකලේ ආරාධිත රංගනයකි.
0 Comments