singapore-speaker-resign-love

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ කථානායකවරයා වන ටාත් චුආන් ජින් සහ එහි කාන්තා මන්ත්‍රීවරියක වන ලිහුයි ඊයේ (17දා) සිය ධුරවලින් ඉල්ලා අස්වූ බව වාර්තා වෙයි.



දෙදෙනා අතර පැවැති නොගැළපෙන අනියම් සම්බන්ධතාවක් මෙම තීරණයට හේතුව වී තිබේ. එසේම අදාළ සිදුවීම මුල් කරගනිමින් සිංගප්පූරු පාර්ලිමේන්තුවේ සිදු වූ බහින්බස්වීමක්ද කතානායකවරයාට ධුරය අහිමිවීමට හේතුව වී තිබේ.

මෙහිදී දෙදෙනාගේම ඉල්ලා අස්වීම් සිංගප්පූරු අගමැති ලී හ්සෙයින් ලූන්ග් පිළිගෙන තිබේ. ඔවුන් People's Action Party පක්ෂය වෙත ගැටලු ඇති නොකරමින්, සිය පෞද්ගලික කාරණාවක් නිසා, වැරදි සියල්ල පිළිගෙන ධුරවලින් ඉවත් වීමට ගත් තීරණය ගැන සතුටු බව අගමැතිවරයා පවසා ඇත.

අගමැතිවරයාට අනුව පසුගිය පෙබරවාරි මාසයේදී ඔවුන් දෙදෙනාට මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති නමුත්, ඔවුන් ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැත.

මේ අතර, පසුගියදා People's Action Party පක්ෂයේ ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි එස්.ඊස්වරන් ද එරට දූෂණ මර්දන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පක්ෂය මේ දක්වා වසර 64කට ආසන්න කාලයක් සිංගප්පූරු පාලක පක්ෂය ලෙස කටයුතු කරයි. රට තුළ දූෂණ විරෝධී රජයක් පිහිටුවීම අරමුණ බවද සිංගප්පූරු අගමැතිවරයා පවසා තිබේ.

”පක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන්ව සිටියත් පසුපෙළ සිටියත් ඔවුන් සියලු දෙනාම පක්ෂයේ විනයට ගරු කළ යුතුයි. එවැන්නකින් තොරව ඔවුන්ගෙන් වැඩක් නැහැ. ඒ නිසා මෙය පැහැදිලිවම අවශ්‍ය දෙයක්.” යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.