son-threat

දේශපාලන පක්ෂයක මහ ලේකම් තනතුරක් හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නීතිඥ පුතෙකු සිය පෙම්වතිය සමග බම්බලපිටිය ප්‍රදේශයේ මෝටර් රථයක කතාබහ කරමින් සිටියදී පාපැදියකින් පැමිණි පුද්ගලයකු මන්ත්‍රී පුත්‍රයාගේ බෙල්ලට උල්පිහියක් තබා තර්ජනය කර රුපියල් එක් ලක්ෂ හැට දහසක් පමණ වටිනා සුදු රත්තරන් මාලයක් සහ රුපියල් 3000ක මුදලක්ද පෙරේදා (03) පැහැරගෙන පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි.



සැකකරුගෙන් මුලින්ම මුදල් ඉල්ලා ඇති අතර, මුදල් නොමැති බව පැවසීමෙන් පසු ඉණේ ගසාගෙන සිටි උල්පිහියක් එළියට ඇද මන්ත්‍රී පුතාගේ ගෙලට තබා තර්ජන කර ඇතැයි පොලිසිය කියයි. අනතුරුව ඔහු මුදල් පසුම්බියද පැහැරගෙන එහි තිබූ සුදු රත්තරන් මාලය සහ මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත  තිබූ රුපියල් 3000ක මුදල පැහැරගෙන පැමිණි පාපැදියේ නැගී පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. මන්ත්‍රීවරයාගේ පුතා මේ පිළිබඳව බම්බලපිටිය පොලිසියට  පැමිණිලි කර ඇත.   බම්බලපිටිය පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය