south-korea-flood

මධ්‍යම දකුණු කොරියාවේ චියොන්ජු නගරයේ ගංවතුර උමං මාර්ගයක සිරවී සිටින මගීන් වෙත ළඟා වූ සහන කරුවන් විසින් මළ සිරුරු 13ක් සොයාගෙන තිබේ.

සෙනසුරාදා රාත්‍රියේ, පුපුරා ගිය ගං ඉවුරකින් ගංවතුර ජලය යටි මාර් ගයන්ට ගලා ගිය අතර, ඔවුන්ගේ මෝටර් රථවල සහ බස් රථයක ගමන් කරන මිනිසුන් ඉක්මනින් කොටු විය.
මීටර් 685 (අඩි 2,247) උමග තුළ,  කොපමණ සංඛ්‍යාවක් සිරවී ඇත්ද යන්න නිලධාරීන් තවමත් අනාවරණය කර නොමැති නමුත් වාහන 15 ක් තිබූ බව පැවසීය.

පසුගිය සතිය තුළ ධාරානිපාත වර්ෂාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් තිබේ.



අධික වර්ෂාපතනය හේතුවෙන් දකුණු කොරියාවට ගංවතුර, නායයෑම් සහ විදුලිය විසන්ධි වී තිබේ.

සඳුදා උදෑසන වන විට, සති අන්ත ගංවතුරෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.

උමඟ ගංවතුරට ලක් වූ ඔසොං උපනගරයේ, මළ සිරුරු කිහිපයක් බස් රථයක් තුළ තිබී සොයා ගන්නා ලදී. දිවි ගලවා ගත් නව දෙනෙකු සෙනසුරාදා බේරා ගන්නා ලදී.

විපතට පත් වූවන්ගේ පවුල් පවසන්නේ පළාත් පාලන ආයතන ඵලදායි ලෙස ප්‍රතිචාර දැක්වූයේ නම් මරණ වළක්වා ගැනීමට ඉඩ තිබූ බවයි.

ඛේදවාචකයට පැය කිහිපයකට පෙර ගංඟා ගංවතුර පාලන කාර් යාලය අනතුරුදායක ජල මට්ටම් පිළිබඳව අනතුරු ඇඟවීමක් කළ බවත්, එබැවින් උමං ප්‍රදේශය අවට ගමනාගමනය වෙනතකට යොමු කළ යුතුව තිබූ බවත් ප්‍රාදේශීය මාධ්‍ය කිහිපයක් වාර් ථා කළේය.

අනෙකුත් මරණවලින් වැඩි ප්‍රමාණයක් කඳුකර උතුරු ග්යොංසාං ප්‍රදේශයේ සිදු වූ අතර, නායයෑම්වලින් මුළු නිවාසම ගසාගෙන ගියේය.

සෙනසුරාදා දකුණු කොරියාව හරහා මිලිමීටර් 300 (අඟල් 11.8) පමණ වර්ෂාපතනයක් පතිත වූ බව  වාර් ථා  වේ.

කොරියානු කාලගුණ විද්‍යා සංගමයට අනුව, රටට සාමාන්‍යයෙන් වසරකට මිලිමීටර් 1,000 (අඟල් 39.4) සිට මිලිමීටර් 1,800 (අඟල් 70.9) වර්ෂාපතනයක් ලැබේ- නමුත් එයින් වැඩි ප්‍රමාණයක් ගිම්හාන මාසවලදී වැටේ.

ගංවතුරින් විපතට පත් ප්‍රදේශවලින් ගුවනින් ලැබෙන ඡායාරූපවලින් දුඹුරු මඩ සහ ගංවතුර ජලය ඉතා ගැඹුරින් පෙන්නුම් කරයි, වහලයේ මුදුන් පමණක් පිටත තිබෙනු දැකිය හැකිය.

විවිධ පළාත් පාලන ආයතන විසින් නිකුත් කරන ලද ඉවත් කිරීමේ නියෝග හේතුවෙන් දහස් ගණනක් ජනතාව පීඩාවට පත්ව ඇති අතර ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට සහාය වන ලෙස අගමැති හැන් ඩක්-සූ හමුදාවෙන් ඉල්ලා තිබේ.

ප්‍රාදේශීය වේලාවෙන් සෙනසුරාදා අලුයම, උතුරු Chungcheong (චියොන්ච්යෙන්) හි Goesan (ග්යොසන්) වේල්ල පිටාර ගැලීමට පටන් ගැනීමෙන් පසු පදිංචිකරුවන් 6,400 ක් පමණ ඉවත් කර ඇති බව ඒජන්සිය පවසයි.



වේල්ල ආශ්‍රිත පහත් බිම් රැසක් මෙන්ම ඒවා සම්බන්ධ කරන මාර්ග රැසක්ද ජලයෙන් යටවීම නිසා ඇතැම් ප්‍රදේශවාසීන් නිවෙස් තුළ සිරවී සිටිති.

සිකුරාදා අගභාගයේදී, උතුරු Chungcheong (චියොන්ච්යෙන්) ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වූයේ නායයෑමක් හේතුවෙනි. එක් ඉංජිනේරුවෙකු තුවාල ලබා ඇතත්, එම අවස්ථාවේ දුම්රියේ මගීන් ප්‍රවාහනය කර නොතිබුණි.

රටේ ජාතික දුම්රිය ක්‍රියාකරු වන Korail (කොරයිල්) විසින් සියලුම මන්දගාමී දුම්රිය සහ සමහර බුලට් දුම්රිය අත්හිටුවන බව නිවේදනය කර ඇති අතර අනෙකුත් බුලට් සේවා අඩාල වන බව පැවසීය.

ලබන සතියේ බදාදා දක්වා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කොරියානු කාලගුණ විද්‍යා පරිපාලනය අනාවැකි පළ කරයි. කාලගුණික තත්ත්වයන් "බරපතල" අනතුරක් ඇති කරන බවට අනතුරු ඇඟවීය.

අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දෙසතිය තුළ ඉන්දියාව, චීනය සහ ජපානය ඇතුළු රටවල් කිහිපයක ගංවතුර සහ නායයෑම් ඇති විය.

බොහෝ සාධක ගංවතුර ඇතිවීමට දායක වන අතර, විද්‍යාඥයන් පවසන්නේ දේශගුණික විපර්යාස නිසා ඇතිවන උණුසුම් වායුගෝලය, අධික වර්ෂාපතනයක් ඇති කිරීමට ඉඩ ඇති බවයි.

උණුසුම් වන තරමට, වායුගෝලයට තෙතමනය රඳවා ගත හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි ජල බිඳිති සහ අධික වර්ෂාපතනයක් ඇති වේ, එය සමහර විට කෙටි කාලයකදී සහ කුඩා ප්‍රදේශයක් පුරා පතිත වෙයි.