
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 06 වටයේ අද (02) පැවති තීරණාත්මක තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 09කින් පරාජය කර ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ඉනිම ලකුණු 165කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණ අතර මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් සහ දිල්ෂාන් මධුසංක සිම්බාබ්වේ ඉනිමේ මුල්පෙළ කඩුලු 03ක් බිඳ ඕවර 32.2 කදී සිම්බාබ්වේ ඉනිම අවසන් විය.
සිම්බාබ්වේ පිළ ලබාදුන් ලකුණු 166ක ඉලක්කය පන්දුවාර 33යි පන්දු 01ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තිබිය දී පසුකර යමින් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ ඕවර 33.1 කදීය.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී 101ක්ද දිමුත් කරුණාරත්න ලකුණු 30ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් ද ලබා ගෙන තිබුණි.
පැතුම් නිස්සංක ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ලකුණ වාර්තා කරමින් සිය දෙවන දෙවන ජාත්‍යන්තර එක්දින ශතකය ද මෙහිදී සම්පූර්ණ කිරීමට සමත්විය.
සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ මහීෂ් තීක්ෂණ අද තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
ජයග්‍රහණය සමග ශ්‍රී ලංකාව ලෝක කුසලාන ප්‍රධාන තරගාවලියට පිවිසීමට සුදුසුකම් ලබාගත්තේය.

Comments
Post a Comment
Your comment will be visible after approval