පසුගිය සති අන්තයේ මෙරට අන්තර්ජාලයේ කැළඹිලි සහගතම මාතෘකාව වූයේ කඩුවෙල නවගමුව ඉහළ බෝමිරියේ විහාරස්ථානයක හිමිනමක් කාන්තාවන් දෙන්නෙකු ඇසුරුකරමින් සිටියදී දායකයින්ගේ පහරකෑමේ සිදුවීමට අදාළ වාර්තාවන්ය.
කඩුවෙල ඉහළ බෝමිරිය රාක්ෂපාන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වැඩ වසන්නේ මේ කියන 44 හැවිරිදි පල්ලෙගම සුමන හිමි පමණි.
තනිපංගලමේ විහාරාධිපතිකම් දරන හිමියන් හමුවන්නට වරින්වර කාන්තාවන් රෑ ජාමේ පැමිණෙන්නේ අහවල් කාරණාවට මිස වෙනකකට නොවන බව දායකයින් කලෙක සිට සැකයෙන් පසුවූ බව කියැවිණි.
පසුගිය 06 වනදා මේ ආකාරයට පැමිනි කාන්තාවන් දෙන්නෙකු බොහෝ වේලාවක් යනතුරු පන්සලෙන් එලියට නොආ නිසා
පිරිසක් පන්සල වැටලූ අතර ස්වාමීන් වහන්සේ සමඟ ආවාස ගෙයි රැදී සිටි කතුන් දෙදෙනෙකුට පහරදෙමින් ඒ අයගේ නිරුවත වීඩියෝකරමින් මුහුණු පොතේ දැමූ සිද්ධිය දැන් කවුරුත් දන්නා කරුණකි.
නමුත් ඉන්පසු සිදුවූ සිද්ධිදාමය අපැහැදිලිතා සහිතය. සිද්ධිය වූ දිනයේ දායකයින් කියන අය හිමිනමට හා කාන්තාවට පහරදීමෙන් පසු ඔවුන් පොලිසියට මේ ගැන කියන්නට ගියේ නැත. නමුත් තමන්ට කරදරයක් බව හිමි නම පොලිසියට පැමිණිලි කර තිබුණි.
මෙම සිද්ධිය වීඩියෝවක් ලෙස අන්තර්ජාලයේ පළවීම හිමියන්ට වඩාත් අහිතකර සිදුවීම වූ නිසා පොලිසියට හිමිනම කියා ඇත්තේ තමන් වහන්සේ හමුවීමට ආ ඥාතී මවක හා දියණියක සමග කථාබස් කරද්දී පිරිසක් පැමිණ තමන්ගේ සිවුර ගලවා පහරදුන් බවත් ඥාති කාන්තාවන් දෙන්නාද නිරුවත්කර පහරදුන් බවයි.
එම පැමිනිල්ලේ හැටියට හිමියන් හා කාන්තාවන් අතර පැවතී ඇත්තේ ඥාති හිතවත්කම් දෙබස් හුවමාරුවක් මිස වෙනකක් නොවේ.
කලබලයට සම්බන්ධ බවට සිව් දෙනෙක් නවගමුව පොලීසිය අත්අඩංගුවට ගන්නේ ඒ අනුවයි.
කඩුවෙල ඉහළ බෝමිරියේ පදිංචිකරුවන් 4 ක් අලුයම් කාලයේදීම අත්අඩංගුවට ගත් අතර
එම අවස්ථාවේදී පොලීසිය විහාරස්ථානයට ගොස් එහි සිටි 22 හැවිරිදි කාන්තාවද ඇගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් භාරයට ගත් බවත් ඇය කැලණිය පිලපිටියේ පදිංචිකාරියක් බවත් පොලීසිය කියයි.
සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුළත හිමි නම හා වැඩිහිටි කාන්තාව රෝහල් ගතව ප්‍රතිකාර ලබා ඇති බවක්ද
අත්අඩංගුවට පත් අය පොලිසියේ සිටියදී හිමිනම පොලිසියට පැමිණ සාමදානයටද කතාකර ඇති බවක්ද වාර්තා විය. මුල් වාර්තා වලින් කියැවුනේ එම කතාබස් අනුව සිව් දෙනා පොලිස් ඇප මත මුදා හළ බවයි.
සිද්ධියේ මුල් කොටසින් කියවුනේ ගනිකාවන් ඇසුරු කළ භික්ෂුවක ගැනයි. නමුත් දෙවන කොටස නාටකීය ලෙස වෙනත් පිටපතකට හැරෙන්නේ අන්තර්ජාලයේ මේ ගැන විශාල කථාබහක් ඇතිවීමෙන් පසුවයි. එහිදී හිමිනම හා කාන්තාවන්ට කිසිදු දොසක් පවරා නැතිඅතර වරද කර තිබුනේ පිටතින් ආ පිරිස පමණි.
චිත්‍රවත් ධර්මදේශකයානන් වහන්සේ නමක් වන පල්ලේගම සුමන (44) හිමියන් දේශපාලකයින්ගේද හිත් දිනාගත් අයෙකි. පසුගිය කාලයේ රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි චරිතයකි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයද 07 වනදා මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන්කර තිබුණේ භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව සඳහන්කරමිනි.
එම මාධ්‍ය නිවේදනය මෙසේය.
“භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතී. භික්ෂූන්වහන්සේ හා කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර පිරිසක් පොලු මුගුරුවලින් පහරදෙනු මෙහි අන්තර්ගතව ඇත.භික්ෂුවට ද ඇතැම් පිරිස් එහිදී පොලු මුගුරුවලින් පහර දෙනු දක්නට ලැබේ.
මෙසේ නීතිය අතටගෙන පොලු මුගුරුවලින් පහර දී කාන්තාවන් නිරුවත් කල පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් 07 දින (2023.07.07 ) බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට හා නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත.“
ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක විශේෂ පැහැදිලි කිරීමක් කළ අතර හිමිනම හා කාන්තාවන්ට කිසිදු දොසක් නොකී මාධ්‍ය ප්‍රකාශකවරයා වරද කර තිබුනේ පිටතින් ආ පිරිස පමණක් බවට හැඟවෙන ලෙස පැහැදිලි කිරීමක් කළේය.
නවගමුව බෝමිරිය ප්‍රදේශයේ දී හිමිනමට හා තවත් කාන්තාවන් දෙන්නෙකුට නිරුවත් කර පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 8 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද මෙම නියෝගය සවස ලබාදී ඇති බවත් පොලිස් මාධ්‍ය නිවේදනයෙන් පසුව වාර්තා විය.
0 Comments