නවගමුව බෝමිරිය ශ්රී සුමනාරාම විහාරස්ථානාධිපති පල්ලේගම සුමන හිමියන් නිරුවතින් කාන්තාවන් දෙදෙනෙකු සමග කාමරයක සිටියදී දායක සභාවේ සාමාජිකයින්ගේ පහර කෑමට ලක්වූ සිදුවීම මත 04 දෙනෙකු අත්අඩංගුවට පත්වූ නමුත් පැය කිහිපයක් තුළ හිමි නම සාමදානයට එකඟවී ඇතැයි වාර්තා විය.
අන්තර්ජාලයේ පළවූ බෞද්ධාගම සම්බන්ධ සිත් සසල කරන වීඩියෝව විවිධ සාකච්ඡාවන්ට ලක්වූ එකක් වූ අතර ඇතැමුන් කියා සිටියේ එහි 22 හැවිරිදි කාන්තාවකට ප්රහාර එල්ල කිරීම නොගැපෙන ක්රියාවක් බවයි. මෙම වීඩියෝව සමග හිමියන් සම්බන්ධ විවිධ ඡායාරූප අන්තර් ජාලයේ පළ විය.
පිරිසකගේ පහරකෑමට හා පරුෂ වචන බැණුමට ලක්වූ පල්ලේගම සුමන හිමියන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ,ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මාගල්කන්දේ සුදන්ත ආදී ප්රකට පුද්ගලයින් සමග සමීපව සිටින ඡායාරූපද ඒ අතර විය.
වැදගත් ප්රතිරූපයක් පවත්වාගෙන ආ හිමි නම මෙම වීඩියෝව නිසා අපකීර්තියට ලක්විය.
මේ ආකාරයේ නමගිය හිමිනමක දායකයන්ගේ උදහසට ලක්වූයේ ථෙරවාදී සම්ප්රදායේ බෞද්ධ භීක්ෂූන්ට අකැප ක්රියාවක නිරතවීම නිසාය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේගම සුමන හිමියන් පොලිසියට පැමිණිලි කරමින් දන්වා තිබුනේ තමන් ඥාති කාන්තාවක් හා ඇගේ දියණිය සමඟින් කතාබහ කරමින් නිවසක් තුළ සිටියදී එම නිවසට බලහත්කාරයෙන් ඇතුළුවූ තරුණයන් පිරිසක් තමන්ට හා අනෙක් දෙදෙනාට පහර දී නිවසේ බඩු භාණ්ඩ වලට අලාභ සිදුකළ බවයි.
මුල් වාර්තාවලින් කියැවුනේ මෙම පිරිස පැමිණියේ පන්සලේ ආවාස ගෙයට බවක් මුත් හිමිනම කියන්නේ එය බාහිර නිවසක් බවයි.
කෙසේවෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසිය වෙත සදහන් කර ඇත්තේ සුමන හිමිනම ගණිකාවන් දෙදෙනෙකු
සමඟ කාමරයක් තුළ සිටින බවට ලද තොරතුරක් මත එම නිවසට ගිය බවයි.
එම අවස්ථාවේ පල්ලේගම සුමන හිමියන් සහ කාන්තාවන් දෙදෙනා සමඟ නිරුවතින් කාමරයක් තුළ සිටියදී හසුවූ බව ඔවුන් පවසා ඇත.
බහින් බස් වීමක් සහ පහරදීමක් සිදුවූ බවට සැකකරුවන් පිළිගෙන ඇති අතර පොලිසියට ආ පල්ලේගම සුමන හිමියන් මෙය දුරදිග ගෙනයායුතු නැති බව කියමින් පැමිණිල්ල ඉවත් කරගෙන තිබේ.
සාමදානවීමට එකඟතාවය පළ කළ බැවින් අත්අඩංගුවේ සිටි සැකකරුවන්ට පොලිසිය ඇප නියම කර තිබේ.
සිද්ධියට අදාළ පෙර වාර්තා
- පල්ලෙගම සුමන හිමිට හා කාන්තාවන් දෙන්නාට පහරදුන් 04 ක් අත්අඩංගුවට
- අනියම් ඇසුරුකම් නිසා දායක සභාවේ පහරකෑමට ලක්වූ පල්ලෙගම සුමන හිමි
0 Comments