මේ වනවිට බොලිවුඩ් සිනමා නිලියක් විදිහට කටයුතු කරන 42 හැවිරිදි සනී ලියෝන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ නිල් චිත්‍රපට නිලියක් විදිහටය. සනී මෑතකදී නිල් චිත්‍රපට ක්ෂේත්රයේ ඇගේ ගමන ගැන විවෘතව ප්‍රකාශකළේ එහි හොඳ සහ නරක, පැති දෙකම බෙදා ගනිමිණි.
“මම හොඳම නිල් චිත්‍රපට සමාගම් සමඟ වැඩ කළා. හොඳම කිව්වම මෙතනදී සංසන්දනය කරන්න පුළුවන් ධර්ම ප්‍රොඩක්ෂන්ස් එහෙමත් නැත්නම් Yash Raj Films එක්ක විතරයි. ඒක තමයි මගේ ලෝකය. මේ විදිහෙ සමාගම් තිබුනඑක ඇත්තටම මගේ වෘත්තීයට උදව්වක් වුණා. මට නම්, ඒ දේවල් ක්‍රියාත්මක වුන ආකාරය ගැන මට කිසිම පීඩනයක් තිබුනෙ නැහැ.
නිල් චිත්‍රපට සමාගම්වලින් මට ලැබුන සෑම කොන්ත්‍රාත්තුවක්ම හරියට කියවලා බලලයි ඒවට මම එකඟවුණේ. ඒ නිසා නිර්මාණකරුවාට අවශ්යයදේත් නිලියක් විදිහට මම මට අවශ්‍යදේත් සපුරගත්තා.මේ නිසා කාටවත් මාව අයුතු විදිහට ප්‍රයෝජනයට ගන්න බැරිවුණා.”
තම නිල් චිත්‍රපට දිවියේ නරක පැති ගැන විස්තර කරමින් සනී මෙසේ පැවසුවාය.
“සමහර ගැහැණු ළමයින් නිල් චිත්‍රපට ක්ෂේත්රයේ සාර්ථක නිලියක් වෙන අරමුණින් කොතරම් වේගයෙන් වැඩකලාද කියලා මම දන්නවා. නමුත් මම වැඩකළේ ඉතාම හෙමින්. මේ නිසා මට සාර්ථකවෙන්න වෙහෙස මහන්සිවෙලා වැඩකරන්න සිද්දවුනා. ඒ දේවල්වලදි මම වටා සිදුවුන සමහර දේවල්වලදි මට අවශ්‍ය පියවර ගන්න බැරිවුණා. නමුත් නිල් චිත්‍රපට මගේ මුළු ජීවිතයම වුණා.මම හැමදාම දවසට දෙතුන්පාර නිල් චිත්‍රපටවල රඟපෑවා. කාලයක් ගතවුනත් මම කවදාහරි සාර්ථක නිලියක් වෙයි කියලයි හිතුවෙ.මම දැනුත් හිතන්නෙ ඒ විදිහටමයි.
The Indian Express සමඟ මෑත සංවාදයකදී, සනී ඇගේ වෘත්තීය ගමන පිළිබඳ තවත් අත්දැකීම් බෙදාගෙන තිබුණි.
"2011 වසරෙදි මම බිග් බොස් බොලිවුඩ් චිත්‍රපටයට රංගනයෙන් දායකවීමත් සමඟ ක්‍රම ක්‍රමයෙන් මගේ නිල් චිත්‍රපට ජීවිතය අවසන්වෙලා බොලිවුඩ් නිලියක් විදිහට පරිණාමය වෙන්න පටන්ගත්තා.
අපි හැමෝම යම් යම් අවස්ථාවලදී කළ යුතු දේවල් කරනවා. අපි අපේ චරිතය ගොඩනගාගන්න ආකාරය අනුව තමයි අපේ ජීවිතය පරිණාමය වන්නෙ. ඔබට බොලිවුඩ් නිලියක් වෙන්න බැහැ යනාදී නපුරු නරක චෝදනාවල්වලට මම මුහුණදුන්නා.මට ගෞරවනීය ජීවිතයක් ගත කරන්න ඕන නිසා මම ඒවට විරුද්ධව සටන්කලා.වැඩිදුරටත් සනී පැවසුවේ මට මාව ඔප්පු කරන්න අවස්ථාවක් දෙන්න" කියාය.
0 Comments