tabla-spiderman

සුපිරිවීර චරිත වලින්වලින් අපි හැමෝම ආදරය කරන චරිතයක් තමයි ස්පයිඩර් මෑන් කියලා කියන්නෙ. හැබැයි චිත්‍රපටවලදි, කාටුන්වලදි පොත්වලින් ඔබ කවදාවත් අහලා හෝ දැකලා තියනවද ස්පයිඩර් මෑන් තබ්ලා වාදනය කරනවා ?

ලෝකයේ ජනප්‍රිය සුපිරි වීරයන්ගෙන් එක් අයෙකුවන ස්පයිඩර් මෑන් ‘තබ්ලා’ සංගීත භාණ්ඩයක් වාදනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය හරහා ලොව පුරා සිටින ස්පයිඩර් මෑන් ප්‍රේක්ෂකයන් අතර ප්‍රචලිතවෙලා තියනවා.



වෘත්තීය තබ්ලා වාදකයෙකු වන Kiran Pal විසින්  ස්පයිඩර් මෑන්ගේ ඇඳුම ඇඳගෙන තබ්ලා වාදනයකරන ආකාරයේ වීඩියෝකර සිය Instagram ගිණුමේ ඵලකර ඇති අතර එහිදී ඔහු සදහන් කර තිබුනේ “ස්පයිඩර් මෑන් තබ්ලා වාදනය කරමින් නැවත පැමිණෙයි. ඔබත් මෙම  වීඩියොව රසවිඳ  අනිත්අය සමඟ බෙදාගන්න මතක තබා ගන්න” යනුවෙණි.

Kiran Palගේ මෙම වීඩියෝව ලෙව පුරා බොහෝදෙනෙක්ගේ අවධානය දිනාගත් අතර 90k වලට අධික නැරඹුම් සහ දහස් ගණනක ලයික් ලබා ගත්තේය.