talagala-hotel-death

මොරගහහේන, තලගල හෝටලයක නවාතැන්ගෙන සිටි ඊශ්‍රායල ජාතික වයෝවෘද්ධ කාන්තාවක සැකකටයුතු ලෙස නිදි ඇද මතම මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉස්මදාර් සොල්ස්කි නමැති 70 හැවිරිදි අවිවාහක වයෝවෘද්ධ කාන්තාවක බව හෝටල් හිමිකරු පොලිසිය වෙත දැනුම් දී ඇත. ඇයට හිතවත් ශ්‍රී ලාංකික ගෘහ සෙවිකාවකද සිටි බව කියැවේ.



ඊශ්‍රායල් ජාතික හාම්පුතාගේ දියණිය මෙරට සංචාරය අතරතුරදී හදිසියේ මියගිය සොවින් ශ්‍රී ලාකික සේවිකාව හඬා වැටෙන අයුරු ඊයේ (28) දක්නට ලැබිණි.
මියගිය කාන්තාව මෙරටට  ඉඳහිට පැමිණෙන අතර ඇය ගෘහ සේවිකාවගේ මවගේ නිවස ආසන්න ප්‍රදේශයේම පිහිටා ඇති හෝටලයක නවාතැන් ගෙන ඇත.
ගෘහ සේවිකාව පසුගිය මස 22 වැනි දින නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ ඇති අතර මියගිය කාන්තාව මෙම මස 14 වැනි දින මෙරටට පැමිණ හෝටලයේ කාමර අංක දෙකෙහි රාත්‍රී කාලයෙහි පමණක් නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය කියයි.

මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව හොරණ අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරික්ෂණ පවත්වා මෘත ශරීරය හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු ලවා පශ්චාත් පරීක්ෂණය සිදුකර මරණයට හේතුව සඳහන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.


ගෘහ සේවිකාව හෝටල් කාමරයට පැමිණ මියගිය අය ඇමතුවද  කිසිදු ප්‍රතිචාරයක් නොමැති වූ බැවින් ඒ අනුව හෝටල් හිමිකරු සේවකයන් පැමිණ කාමරයේ ජනේලයෙන් එබී බැලීමේදී විදේශීය කාන්තාව ඇඳ මත නිදා සිටිනු අයුරු දැක ඇති බවත්  සේවිකාව ලවා ඊශ්‍රායිල බසින් කතා කළ ද ඊට ද ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් ප්‍රතිචාරයක් නොමැති බැවින් ජනේලයේ අගුළු කඩා ඇය වෙත ගොස් ඇති අතර සිහි නැතිව සිටි බව කියැ‍වේ.වෛද්‍යවරයකු එම ස්ථානයට කැඳවා පරික්ෂා කිරීමේදී කාන්තාව මියගොස් ඇති බවට නිගමනය කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ