ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්රනාන්දු මහතා එය විකිණීමට එරෙහිව සටන් වැදනු අතර අද ඔහුව ධූරයෙන් නෙරපා වෙනත් අයෙකු පත්කර තිබේ.
දැන් එම ධුරයට එහි අධ්යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු වන රියාස් මියුලර් මහතා පත් කර තිබෙයි.
ශ්රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂක මණ්ඩලය අද (20) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති අතර ආයතනයේ පනත ප්රකාරව අධ්යක්ෂක මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස මෙම යෝජනාව සම්මත කරගෙන ඇති අතර වැඩිදෙනකු ගේ ඡන්දයෙන් එම පත්කිරීම සිදුකර ඇත.
මේ අනුව ටෙලිකොම් සභාපති රොහාන් ප්රනාන්දු වෙනුවට රියාස් මියුලර් අධ්යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පත් විය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ටෙලිකොම් අධ්යක්ෂක මණ්ඩලයට රියාස් මියුලර් මහතා නම් කිරීම සිදුකර ඇති අතර ඔහු මිට පෙර KPMG හි මෙරට ප්රධානියා ලෙස කටයුතු කළ අයෙකි.
ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට රොහාන් ප්රනාන්දු මහතා පසුගිය කාලයේ දිගින් දිගටම විරෝධය පළකර තිබු අතර දැන් ආයතනය පහසුවෙන් අලෙවි කරගන්නට බාධා නැත.
0 Comments