thailand-fire-killed-9

දකුණු තායිලන්තයේ වෙළඳපොළක ගිනිකෙළි ගබඩාවක් අලුත්වැඩියා කිරීමට යාමේදී සිදුවුන පිපිරීමකින් 115 දෙනෙකුට බරපතල තුවාල ලබා ළමුන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ.නිවැසියන් විස්තර කළේ සවස තුනට පමණ විශාල පිපිරීමක් ඇසුණු බවයි.ගොඩනැගිලි සෙලවී,

ජනේල කැඩී බිඳී ගිය අතර වහලවල් කඩා වැටී විශාල දුමාරයක් අහසය නගාන ලද්දේය.පිපිරීමෙන් නාරාතිවත් පළාතේ නගරයේ විශාල කොටසක් ද විනාශ වී ඇති අතර මූලික පරීක්ෂණවලින් පිපිරීමට හේතුව පෙන්නුම් කරන්නේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අතරතුර වානේ වෑල්ඩින් කිරීමේදී  ඇති වූ "තාක්ෂණික දෝෂයකින් පිපිරීම සිදුවී තිබෙන බවය.ගිනිකොනදිග ආසියාවේ ගිනිකෙළි සම්බන්ධ අනතුරු බහුලව වාර්තාවන අතර මීට වසර හයකට පෙර ඉන්දුනීසියාවේ කම්හලකද පිපිරීමකින් 49 දෙනෙකු මිය ගියේය. තවත් දින පහකට පෙර උතුරු තායිලන්තයේ එක් කාන්තාවක් මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබීය.වැඩබිම්වල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා මහජනයා රජයට  බලපෑම් කරද්දීත්, තායිලන්තය තවමත් එහි මාර්ගවල, ඉදිකිරීම් ස්ථානවල සහ සේවා ස්ථානයේ අනතුරු පිළිබඳ එතරම් තැකීමක් නොකරන්නේය.