tv-channel-presenter-love

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක නිවේදිකා රැකියාවක් දෙන අරමුණින් තරුණයෙකු සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් පසුව රැකියාව ලැබුණ පසු ඇය ඔහු සමග පැවති පෙම අතහැරි නිසා එම පලිය ගන්න නිවේදිකාවගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරි තරුණයෙකු සම්බන්ධ අවනඩුවක් අධිකරණයෙන් වාර්තා විය.


නිවේදිකාවගේ පැමිණිල්ල මත අත්අඩංගුවට පත්වූ තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුදුණ අංශයේ සේවකයකු බව කියන ඔහු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහැරුණේ පිළියන්දල පදිංචි සුනිල් චන්ද්‍රසිරි නමැත්තෙකි.
පැමිණිලිකාරිය 2015 වර්ෂයේ සිට සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් සැකකරු පැමිණිලිකාරිය පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සේවයට යොදවා ඇති බවත් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිපත් කර ඇත.


සැකකරු රැකියාවක් ලබා දෙන බව පවසමින් සැකකාරිය සමග මෙම සබඳතාව පවත්වාගෙන ගොස් ඇති අතර රැකියාව ලැබුණු පසු පැමිණිලිකාරිය එම සම්බන්ධතාව අත්හැර දැමීම සම්බන්ධයෙන් උරණ වූ සැකකරු පැමිණිලිකාරියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාල මාධ්‍යයට යොමුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇත.අනතුරුව එම ඡායාරූප ඉවත් කරගන්නට නම් තමන් සමග ලිංගික ඇසුරක් පවත්වන ලෙස බල කර ඇත.
ඒ අනුව මෙම සැකකරු පරිගණක අපරාධ පනත අනුව වරදක් කර ඇති බවත් දෙල්කඳ ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණෙන ලෙසට පැමිණිලිකාරිය දැනුම් දීමෙන් පසු එහි පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.