udari-speaks

රංගන ශිල්පිණී උදාරි වර්ණකුලසූරිය ගොසිප් ලංකා නිවුස් අප සමග පසුගියදා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඉදිරිපත් කළ අදහස් පහත පරිදිය.


මේ දිනවල ‘මිදුණු විශ්වය‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක ඔබ රඟපානවා. ජයන්ත චන්ද්‍රසිරි වගේ අධ්යක්ෂවරයෙක්ගේ නිර්මාණයකට රඟපාන්න. උදාරි පසුකරපු කඩඉම එහෙමත් නැත්නම් මේ ක්ෂේත්රයට ආපු ගමන්මඟ ගැන මොකද හිතන්නෙ?


 ඇත්තටම මම භාග්යවන්තයි කියන්න පුළුවන්. මගේ රංගන ජීවිතයේ අවුරුදු පහළොවක් කාලයක් ගත වුනා. ඇත්තටම ඔහු වැනි අති දැවැන්ත අධ්යක්ෂවරයෙක් යටතේ අධ්යක්ෂණය වීම ලබන්න. ඉතින් අපි ලංකාවේ ශ්රී ලාංකීය කලාකරුවෝ කලාකාරිනියන් ගත්තහම හැමෝගේම ඒක හීනයක් කියලා කියන්න පුළුවන්. ජයන්ත චන්ද්රසිරි මහත්මයාගේ චිත්රපටයක. පොඩි හෝ චරිතයක් රඟපාන්න ලැබෙන එක ගැන ඉතින් මම භාග්යවන්ත වුණා.



මිදුණ විශ්වය චිත්රපටයේ රාජිනීගේ චරිතය ගැන මොකක්ද ඔබේ අදහස?


 ඔව් මං මුලින්ම ස්තූතිවන්ත වෙනවා ජයන්ත චන්ද්රසිරි මහත්මයාට මං ගැන විශ්වාසය තියලා මේ චිත්රපටය රාජිනී වගේ අති දැවැන්ත රංගන ශිල්පිනියගේ චරිතය මට බාර දුන්න එක ගැන මොකද ඒක එසේ මෙසේ සාමාන්ය ගැහැනියකගේ චරිතයක් නෙමෙයි ඒක නිකං ඩයලොග් කට පාඩම් කරලා ගිහිල්ලා රඟපාන්න පුළුවන් සැහැල්ලු චරිතයකුත් නෙමෙයි. හැදෑරීම් කරන්න ගොඩක් තිබුනා. මොකද රාජිනි මදුරාසි කියන්නෙ එක්දාස් නවසිය 60 ගණන්වල ෆිල්ම්  ඇක්ට්රස් කෙනෙක් ඉතින් එදැන් මේ වර්තමාන කාලයේ ඉන්න මමත් ලංකාවෙ මේ වෙද්දි වර්තමානයේ ෆිල්ම් ඇක්ට්රස් කෙනෙක්.
 හැබැයි ඒ ඉන්න පෞරුෂයට වඩා මගේ පෞද්ගලික පෞරුෂයට වඩා රජිනිගේ පෞරුෂත්වය වෙනස්. එයාගේ ගෙදර ඉන්න බිරිඳක් විදිහට ගත්තාම ගැහැනියක් විදිහට එහෙම නැත්නම් වෘත්තීමය රංගන ශිල්පිනියක් විදිහට ගත්තාම ඒ රාජිනීගේ චරිතෙ වෙනස්.මං හිතනවා මගේ චරිතයට සාධාරණයක් කළා කියලා.

සමහරු කියනවා ජයන්ත චන්ද්රසිරි මහත්මයාගේ චිත්රපට සංකීර්ණයි කියලා?

ඔව් ඇත්තටම ජයන්ත චන්ද්රසිරි මහත්මයා කියන්නේ නිකම්ම ඩයලොග් ටිකක් මේ වචන ටිකක් එකතු කරගෙන හදන ස්ක්රිප්ට් එකක් හදන මනුස්සයෙක් නෙමේ ජයන්ත චන්ද්රසිරි කියන්නේ ගවේෂකයෙක් කියලා කියන්න පුළුවන් ගවේෂණයක් කරලා තමයි ඔහු චිත්රපටයක් තිර පිටපත ලියන්නේ. ඔහුගේ චිත්රපටයේ තිර පිටපත ලියන්නෙත් ඔහුමයි. ඔහු අධ්යක්ෂ විතරක්ම නෙමෙයි රචකයා වෙන්නෙත් ඔහුමයි. ඉතිං ඔහුගේ ගවේෂණය ඔහු  චිත්රපටයක් කිරීමට එයා කරුණු පාදක එකතු කරගන්න විදිහ  එවැනි චිත්රපටයක් නිකං හිතට ආපු පලියට ලියන්න නෑ.

අනිත් එක විශේෂයෙන් කියන්න ඕන ජයන්ත චන්ද්රසිරි මහත්මයාගේ තිරපිටපතක් කියෙව්වාම එහෙම නැත්නම් චිත්රපටය දැන් අපෙන් ඇහුවොත් එම මිදුණු විශ්වය කොයි වගේද කියලා අපිට වචන වලින් කියන්න බෑ. ඒක කතාවක් කටින් කියන්න පුළුවන් කතාවක් නෙමෙයි ඔහුගේ අතින් ලියවෙන්නේ ඇත්තටම ඔහු ගවේෂකයෙක්. ඔහු පෙර හැදෑරීම් ගොඩාක් ගොන්නක් එකතු කරගෙන තමයි චිත්රපටය හදන්නේ.
 ඒ වගේම ඔහු දැන් අපිව පෙර පුහුණු වක් කරනවා.රාජිනීගේ චරිතය ගත්තාමත් පෙර හැදෑරීමට මටත් දෙනවා මාවත් පෝෂණය කරනවා . ඒ ඔහු අතින් ලියපු ඒ චරිතයට ජීවය දෙන්න. ඒකට සාධාරණයක් කරන්න. සාර්ථක විදිහට ඔහුගේ හිතේ මැවිච්ච චරිතය ඔහු හිතෙන් දැකපු චිත්රපටය ඇත්ත ප්රේක්ෂකයා හමුවට ගෙනයද්දි හොයාගත්තු කරුණු කාරණා අපිටත් දෙනවා.
ඉතින් ඔහු කියන්නේ වැඩ කරන්න ලේසි අධ්යක්ෂවරයෙක් නෙවෙයි ජයන්ත චන්ද්රසිරි මහත්මයා කියන්නේ හැබැයි ඔහුත් එක්ක වැඩ කරනවා කියන්නේ විශ්වවිද්යාලයක උපාධියක් හදාරනවා වගේ තමයි.



උදාරිගේ තාත්තා ඔබ පුංචි කාලේ ඉඳන්ම ජනප්රිය නිළියක් සම්මානනීය නිළියක් කරන්න හීන දැකපු කෙනෙක් දැන් වෙද්දි තාත්තට මොකද හිතෙන්නෙ?

 ඇත්තටම ඔහු සැනසීමෙන් ඇති ඒකෙන්.  ඔහුට ඉන්න එකම දුව මම එයා මාව අත දරුවා කාලේ දී ඉඳන්ම සිහින දකිනවා. මාව රූප සුන්දරියක් කරනවා කවදා හරි කියලා. ඒක අපි ඕනම කෙනෙක් කරනවා. මටත්  පුලුවන් උපරිමෙන්ම එයාව ලස්සනට දකින්න හොඳම විදිහට දෙන්නෙ අපි බලන්නෙ. ඉතින් මගේ තාත්තත් මං ගැන ඒ විදිහට හීන දැකලා තියෙනවා එයාගේ කට වචනයට නිකං ඔහේ කියවලා තියෙනවා මාව රූප සුන්දරියක් කවදා හරි කරනවා කියලා.
 එහෙම එකේ ඉතිං අද මං ඉන්න තත්ත්වය ගත්තාම ඒ තත්වෙත් සුන්දරී කියන ඒ ටයිට්ල් එකත් අභිබවා සම්මානනීය රංගන ශිල්පිනියක් බවට පත් වෙලා තියෙනවා. මං හිතනවා තාත්තාට අර පේන දැනෙන පේන කියන්න පුළුවන් කියන්නේ දුවගේ හොඳම මාර්ගය  මට හොඳම වෘත්තීය ඔහුට දැනිලා තියෙනව පොඩි කාලෙදිම.
 ඔහු සතුටු ඇති කියලා මං හිතනවා.

 සමහර අය කියනවා මේ කලා ක්ෂේත්රයට ඇවිත් වැඩ කරන එක අමාරු දෙයක් කියල ඔබගේ අදහස මොන වගේ දෙයක්ද?

අපහසුවක් කියන්නේ නංගි ඔය අයුතු යෝජනා ගැන වෙන්නැති ඔයා අදහස් කරන්නේ. හැබැයි ඒක කලා ක්ෂේත්රය විතරක් නෙමෙයි. අපි ඕනෑම බැංකු වෘත්තියක් වේවා ගුරු වෘත්තියක් වේවා එහෙම නැත්නම්  හොටෙල් ඉන්ඩස්ට්රි එක වේවා. ඕනෑම වෘත්තියක මේ අයුතු යෝජනා කියන දේවල් එන්න පුළුවන්. ඒක ගැහැණු පිරිමි කියන දෙකොට්ඨාසයක් මේ සමාජයේ තියෙන්නෙත් මේ ජීවයක් පැවැත්වෙන හේතු වෙන්නෙත් ඔය ඔය කරුණු කාරණාව හින්ද නේ. හැබැයි අපිට අනවශ්ය යෝජනාවක් එද්දි ඒවායින් ඒවා මග හැරලා ඒ වලට හරි විදිහට මුහුණ දීල ඉන්න පුළුවන් ඒකට තමාට හොඳ පෞරුෂත්වයක් තියෙන්න ඕනා.
තමා ඉන්න තැන හරියට කොන්ද කෙළින් තියාගෙන අර නිකන් කියන්නෙ දුමක් ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ...තනි අතින් අප්පුඩි ගහන්න බැහැ කියලා.
 නිකම්  තමා සතුටු වෙන්නේ නැත්නම් අනිත් පාර්ශවය ඒවාට උත්සාහ කළත් ඒවත් සීමාවක් තියෙනවා. බලපෑම් එන තැන්වලදී ඒවා තමාට හරි විදිහට මුහුණ දෙන්න පුළුවන් නම් තමාට ඕනෑම වෘත්තියක රැඳී සිටින්න පුළුවන්.
ප්රේක්ෂකයන්ටත් මං කියන්න කැමතියි ගම්වල ඉන්න අයගෙ බය නැති විය යුතුයි.මේ නිළියක් වෙන්න ගියාම අනේ දූව පරිස්සම් කරගන්න බැරිවෙයි කියලා කියනවනෙ. අනේ මගේ අම්මත් ගුරුවරියක් ඒගොල්ලන්ටත් ඒ බය තිබ්බ මුලදී මගේ මේ වෘත්තියේදී රංගන වෘත්තිය ගැන මං මේ කියන්නේ දැන් ෂූටින් යද්දි එහෙම කිසිම කෙනෙක් කවදාවත් කියන්නෑ නිළිය තනියම එන්න ඕන අම්මා තාත්තාවත් ආරක්ෂකයෙක් එක්කන් එන්න එපා ඒවා කවදාවත් කාටවත් කියන්නෑ තමාගේ ආරක්ෂාව තමා සතුයි. ඉතින් ආරක්ෂිත වෘත්තියක් කියලා මට කියන්න පුළුවන්



අතීතයේ ගත්තත් වර්තමානය ගත්තත් ගොඩක් වෙලාවට කලා ක්ෂේත්රයේ නළු නිළියන්ට විවිධ ගොසිප් එහෙමත් නැත්නම් කටකතා හැදෙනවා?

ඔව් කටකතා ගොසිප් කියන දේවල් අතරේ මටත් කියන්න තියෙන්නේ නළු නිළියන්ටත් හැදෙන ඒවා සාමාන්‍යයි. ඕනෑම ගමක ගත්තත් කටකතා යනවා අරයා අරයත් එක්ක ගියා. එහෙම නැත්නම් නරක දෙයක් අරගෙන  කටකතා කියන දේවල් ඕන තරම් දේවල් තියෙනවා. හැබැයි ප්රසිද්ධ චරිත වෙන්නෙ නළු නිළියන් වේවා ඒ දේශපාලනඥයෝ වේවා ඔවුන් මිනිස්සු දන්න අඳුනන හින්ද තමයි ඔවුන් ගැන වැඩිපුර විවේචනය වෙන්නේ. හොඳ හෝ නරක ඉතින් අර හැමදේම දැන් අපි අපි විතරක් නෙවෙයි කුමන වෘත්තිය ගත්තත් ඔය විදිහට කටකතා යනවා. ඒවත් යට යන අවස්ථා වලින් උඩ එන අවස්ථාවලදි ඒවත් එක්ක අපි ජීවත් වෙන එක තමයි වෙන්නේ.
අපිත් ඒ හොඳ හෝ නරක ගොසිප් එක්ක අපි ජීවත් වෙනවා.

මේ වෙද්දි ඔබට දුවෙක් ඉන්නවා. ඉතින් ඇය කවදා හරි කිව්වොත්. අම්මා වගේ නිළියක් වෙන්න ඕන කියල ඔබ ඊට කැමති වෙනවද ඉඩ දෙනවද?


 ඔව් ඇත්තටම දුවට එයාගේ වෘත්තීය ගැන අපි කියන්නේ නෑ. ඔයාට දොස්තර කෙනෙක් ඉංජිනේරුවරියක් එහෙම නැත්නම් වෙන ලෝයර් කෙනෙක් හරි එහෙම නැත්නම් නිළියක් වෙන්න ඕන කියලා හරි මම හෝ මගේ සැමියා බලපෑම් කරන්නෙ නැහැ. අපිට ඕනේ එයාව ලෝකෙට බරක් වෙන්නේ නැති දරුවෙක් කරන්න තමාට තමාගේ දෙපයින් නැගිටලා. පුළුවන් නම් සමාජයටත් සේවයක් කරගෙන ඉන්න පුළුවන් දරුවෙක් කරන්නයි ඕන. ඉතින් එයාගේ වෘත්තිය තෝරා ගන්නවා නම් එයා නිළියක් වෙන්න ඕනේ කියලා. ඒ වුනත් අපි එයාට උදව් කරන්නේ ඒ වෘත්තියේම මෙතැනින් ඉහළටම යන්නයි.
ලංකාව ඇතුළේදී නිළියකට උසස් අධ්යාපනයක් නැහැ. මේ රට හරි හරි හමන්  රංගනය ගැන ඉගෙන ගන්න පාසලක් නැහැ. ඒක ගැන ග්රැජුවෙට් කෙනෙක් වෙන්න තරම් මේ ලංකාවේ මේ හරිහමන් තැනක් නෑ. ඉතින් දැන් ඇත්තටම දුව කිව්වොත් එයාට නිළියක් වෙන්න ඕන කියලා ලෝකයේ හොඳම අධ්යාපනයක් දෙන්න මම උත්සාහ කරනවා. මට ඉන්නේ එයා විතරයි.

අවසාන වශයෙන් කියන්න උදාරිගේ ඉස්සරහට තියෙන ඉලක්ක මොනවද?

 අපි ඕනම කෙනෙක් පොඩි කාලේ ඉඳන්ම අපි හැමෝම වෘත්තීයමය වශයෙන් හෝ අධ්යාපන මට්ටමෙන් ඇගයීම් වලට කැමති. අපි පොඩි කාලෙ උනත් අර තරුව දෙනවට අපි කැමති ටීච හරිය දාලා තරු දුන්නා තුරු දෙකක් දුන්නා කියන්නේ ඒ වගේ තමයි. දැන් මේ රංගන ජීවිතයේදී අපි අපේ මහන්සිය කැපවීම අගය කරන්නට කැමැතියි. ඉහළම ටෙලිනාට්ය වෘත්තියේදී මගේ ඉහළම අගය කිරීම ලැබුණා. පසුගිය සුමති සම්මාන උළෙලේ රයිගම් සම්මාන උළෙලේදී විශිෂ්ටතම රංගන ශිල්පිනියගේ සම්මානයෙන් ප්රථම වතාවට මට හම්බුණේ. ඉතින් මං හරි තෘප්තිමත් මගේ ආපු ගමන ගැන ඒ ටෙලි නාට්ය පැත්තෙන් චිත්රපට වලදී මගේ අර කිව්වා වගේ බලාපොරොත්තු වුනාද කියල ඇහුවොත් එහෙම කවද හරි චිත්රපටවලත් විශිෂ්ටතම රංගන ශිල්පිනිය වෙන්න සුදුසුකම් ලබන්න උත්සාහ කරනවා. ඉතින් ඊට අමතරව ලංකාවෙන් ඔබ්බට අපේ රට නියෝජනය කරන්න  රංගන ශිල්පිනියක් හැටියට වෙන රටකට අපිට පුළුවන් අපේ දක්ෂකම් ගෙනියන්න රටේ අනන්යතාව ගෙන යන අවස්ථාවක් ලැබෙනවා නම් ගොඩක් හොඳයි කියලා කියනවා.

සාකච්ඡාව - ජනනි පතිරණගේ