udaya-gammanpila-speaks

පිවිතුරු හෙළ උරුමයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා මෙසේ පැවසීය.

"ණය ප්‍රත්‍රිව්‍යූහකරණයේ බැංකු පද්ධතියට බලපෑමක් නැහැයි කියලා ආණ්ඩුව කිව්වත් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් , ගැඹුරින් අධ්‍යනය කරාම ඒක පට්ටපල් බොරුවක් කියලා අපි සොයා ගත්තා. සමස්ථ සංවර්ධන බැඳුම්කරවලින් 30%ක ප්‍රාග්ධන කප්පාදුවක් කරනවා කියන්නේ රුපියල් බිලියන 81.6ක ප්‍රාග්ධන කප්පාදුවක් සිදුවෙනවා. රුපියල් බිලියන 69ක අලාභයක් ශ්‍රී ලංකා බැංකු පද්ධතියට සිදුවෙනවා.

බැඳුම්කර සහ ඩොලර් ණය කියන දෙකෙන්ම 30%ක ප්‍රාග්ධන කප්පාදුවක් කරාම බැංකු වලට සිදු වෙන අලාභය බිලියන 97ක්.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමන්ගේ නිලධාරීන්ට වෙනම අර්ථ සාධක අරමුදලක් පවත්වාගෙන යනවා. 2022 වසර තමයි මෑත ඉතිහාසයේ ලංකාවේ ඉහළම පොළී අනුපාතයක් වාර්තා වූ වසර. ඉහළම ප්‍රතිලාභ ලැබෙන තැනවල තමන්ගේ අරමුදල් ආයෝජනය කරලා මහ බැංකුවේ නිලධාරීන්ගේ ඒ ගිණුම් වලට අර්ථ සාධක අරමුදලෙන් 2022 වසර වෙනුවෙන් 29%ක පොළියක් බැර කරලා තියෙනවා. නමුත් මහජනතාවට ලබා දීලා තියෙන්නේ සොච්චම් 9%ක පොළියක් විතරයි. සිරඳඩුවම් ලැබිය හැකි සාපරාධි විශ්වාසය කඩ කිරීමක් කියන එක රටට ප්‍රකාශ කල යුතුයි. මේ දේශිය ණය ප්‍රතිවූහගතකරණයේදී මහජන අර්ථ සාධක අරමුදළ බිළි දීම ආණ්ඩුවේ සැලැස්මක් මුල සිටම තිබුනාදැයි යන්න සාධාරණ සැකය අපට ඇති වනවා."