wimal-speaks

බාල බෙහෙත් නිසා රෝගීන් මරණයට පත්වීම ගැන අදහස් දැක්වීමට උත්තර ලංකා සභාගය මාධ්‍ය හමුවක් කැදවා තිබුන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදී අදහස් දැක්විය.

ආර්ථික අර්බුදයෙන් පීඩාවටපත්වෙලා ඉන්න ජනතාව තවත් පීඩාවට ලක්කරමින් ඔවුන්ව බිල්ලට දී මුදල් මංකොල්ලකන ආණ්ඩුවක් මේ මොහෙතේ ශ්‍රී ලංකාවෙ තිබෙනබව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.



ආර්ථික අර්බුදයක් ඇති රටක ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනීමේදි කල්තියා සැලසුම්කර ටෙන්ඩර් කැදවා නිසි ක්‍රියාවලියක් යටතේ මිළදී ගතයුතු අතර එසේ නොකර ඖෂධ හිගයක් ඇතිවන්නට ඉඩදී බාල ඖෂධ හදිස්සි මිළදී ගැනීමක් යටතේ ලබාගත්තේ කොමිස් මුදල් ලබාගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට එරෙහිව චෝදනා කළේය.

රෝගීන් දවසින් දවස මිය යද්දි සෞඛ්‍ය අමත්‍යයවරයා ප්‍රමුඛ නිලදාරීන් වගකීම බාරඅරගෙන ඉල්ලා අස්වියයුතු වුවත් තවදුරටත් වහසි බස් දොඩවමින් තනතුරුවල සිටින අතර පඬු කරඳ ගස් කැපීමට දවසින් කැබිනට් නියෝග නිකුත් කරන ආණ්ඩු අසරණ රෝගීන් මියයෑම සම්බන්ධයෙන් ඉතාමත් අලස ක්‍රියාවලියක් අනුගමණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.