10-dead-bodies-found-at-the-crash-site-of-the-Russian-jet

වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගිය බවට අනුමාන කෙරෙන, ජෙට් යානයක් කඩා වැටුණු ස්ථානයෙන් මළ සිරුරු 10 ක් සහ ගුවන් රෙකෝඩර සොයා ගත් බව රුසියාව පවසයි.
"අණුක-ජාන පරීක්ෂණ මේවන විටත් සිදු කෙරෙමින් පවතී" යැයි විමර්ශකයෝ පවසති.

බෝම්බයක් හෝ මිසයිලයක් ඊට වගකිව යුතු බවට අනුමාන කිරීම් ඇති කරමින් , බදාදා මොස්කව් අසලදී යානය කඩා වැටුණි.

ප්‍රිගොෂින් ඝාතනය කිරීමට ක්‍රෙම්ලිනය (Kremlin)  නියෝගයක් ලබා දුන් බවට කරන ප්‍රකාශය “සම්පූර්ණ අසත්‍යයක්” බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශකයා මීට පෙර බීබීසීයට පැවසීය.



වරක් පුටින් විසින් ඔහුට පක්ෂපාතීව සිටි ප්‍රිගොෂින් හා ඔහුගේ කුලී හේවායන් විසින් ජූනි මාසයේදී පවත්වන ලද සන්නද්ධ කැරැල්ලක් නතර කිරීමට කටයුතු මෙහෙයවීය.

එවකට පුටින් මහතා කැරැල්ල විස්තර කළේ "ද්‍රෝහීකමක්" ලෙසිනි, නමුත් පසුව වැග්නර් කුලී හේවායන්ට රුසියාවේ සාමාන්‍ය හමුදාවට බැඳීමට හෝ මොස්කව්හි සගයා වන බෙලාරුස් වෙත යාමට ගිවිසුමක් ඉදිරිපත් කරන ලදී.

එසේ වුවද, කැරැල්ලෙන් පසුව, බොහෝ නිරීක්ෂකයින් 62 හැවිරිදි ප්‍රිගොෂින්ව විස්තර කළේ "ඇවිදින මළ මිනිසෙකු" ලෙසයි. එසේම රුසියානු ජනාධිපතිවරයා කිසි විටෙකත් වැග්නර් ලොක්කාට සමාව නොදෙන බවට තර්ක කළේය.
සිකුරාදා මාධ්‍යවේදීන් සමඟ පැවති සම්මන්ත්‍රණයක් අතරතුර, ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) බීබීසීයට පැවසුවේ බදාදා රුසියානු අගනුවරට වයඹ දෙසින් පිහිටි ට්වර් (Tver ) ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරෙන් පුද්ගලයන් 10 දෙනකු මිය යන්නට ඇති බවට “බොහෝ අනුමාන” ඇති බවයි.

මගී ලැයිස්තුවට අනුව ,  ප්‍රිගොෂින් සහ ඔහුගේ දකුණු අත වන Dmitry Utkin මෙන්ම තවත් මගීන් පස් දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුද Embraer Legacy 600 ජෙට් යානයේ සිටි බවට හදුනාගෙන ඇත .



"බටහිර අර්ථකථනයන්, යම් කෝණයකින් පැමිණෙන අතර ඒ සියල්ල සම්පූර්ණ අසත්‍යයක්," යැයි පෙස්කොව් මහතා පැවසීය.

"මේ වන විට අප සතුව බොහෝ කරුණු නැතත්, මේ වන විට සිදු කෙරෙන නිල පරීක්ෂණයන් තුලින් කරුණු පැහැදිලි කර ගත යුතුව තිබෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

සත්‍යවශයෙන්ම ප්‍රිගොෂින් මිය ගොස් තිබේනම්, වැග්නර් සමූහයේ අනාගතය  සැකයට භාජනය වී ඇත.

සිකුරාදා බෙලාරුස් නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ (Aleksander Lukashenko) පැවසුවේ වැග්නර් ප්‍රහාරක යානා 10,000ක් පමණ රට තුළ දිගටම රැඳී සිටින බවයි.

කෙසේ වෙතත්, බොහෝ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ ලුකෂෙන්කෝ මහතා ක්‍රෙම්ලිනයෙන් නියෝග ලබා ගන්නා බවයි.

අනතුර සම්බන්ධයෙන් පැය 24කට ආසන්න කාලයක් නිහඬව සිටි ජනාධිපති පුටින්, විපතට පත් වූ සියලු දෙනාගේ පවුල්වලට තම ශෝකය ප්‍රකාශ කළේය.

ඔහු ප්‍රිගොෂින් ව විස්තර කළේ "ජීවිතයේ බරපතල වැරදි" කළ, නමුත් "දක්ෂ පුද්ගලයෙකු" ලෙසය.

මේ කෙසේ වෙතත් යානය කඩාවැටුණු මොහොතේ සිට අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව විවිධ වූ අනුමාන පවතී.

පෙන්ටගනය (Pentagon) පවසන්නේ වැග්නර් ප්‍රධානියා බොහෝ විට මිය ගොස් ඇති බවට තමන් විශ්වාස කරන බවයි. එක්සත් ජනපද නිලධාරියෙකු CBS ප්‍රවෘත්ති අංශයට පැවසුවේ අනතුරට බොහෝ දුරට හේතුව ගුවන් යානයේ සිදු වූ පිපිරීමක් බවයි.

ජනාධිපති ජෝ බයිඩ්න් සිකුරාදා ප්‍රකාශ කළේ එක්සත් ජනපදය තවමත් ගුවන් යානය අනතුරට ලක් වීමට මූලිකවම බලපාන ලද කරුණ සෙවීමට උත්සාහ කරන බවයි.