
රාජ්‍ය නිලධාරීන් විස්සක් පමණ සිය විදේශ සංචාර සඳහා ව්‍යාපාරික පන්තියේ නොව ඉකොනොමි පන්තියේ ගමන් කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මීට මාස 4 කට පමණ පෙර නිකුත් කළ නියෝගය කඩකර ඇති බව වාර්තා වේ.
ඔවුන් තම අභිමතයට ව්‍යාපාරික පන්තියේ ගමන් කර බිල්පත් රජයට යොමු කර තිබේ.
රාජ්‍ය මුදලින් බැහැර වී ඇත්නම් ගාස්තු වෙනස සඳහා ප්‍රතිපූරණය ලබා ගැනීම සඳහා භාණ්ඩාගාර චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කෙරෙන අතර ගමන් කිරීමට බලාපොරොත්තු වන අයට අලුත් සිහිකැඳවීමක් නිකුත් කෙරේ.
පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් කපා හැරීම සඳහා මුල් චක්‍රලේඛය මාස හතරකට පෙර නිකුත් කර දන්වා සිටියේ රාජ්‍ය නිලධාරීන් ඉදිරියට විදෙස්ගමන් යාමේදී මුදල් ඉතිරි කර ඉකොනොමි පන්තියේ යාමට වග බලාගන්නා ලෙසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval