ගබ්සා නීතිය පිළිබඳ සංවාදය යළිත් වරක් ඇමරිකාවේ ආරම්භ වී තිබේ. මෙයට හේතුව ඉතා කණගාටුදායක සිදුවීමකි. මිසිසිපි ප්රදේශයේ 13 හැවිරිදි දැරියක ස්ත්රී දූෂණයකට ගොදුරුවී පසුව මවක විය. පසුගිය වසරේ මේ දැරිය නිවසින් පිටත සෙල්ලම් කරමින් සිටින අතරතුර නාඳුනන පුද්ගලයකු දැරිය රැගෙන ගොස් දූෂණය කර තිබුණි.
ඇමරිකාවේ සෑම ප්රාන්තයක්ම ගබ්සාව සම්බන්ධයෙන් තමන්ගේම නීති පවතින අතර මිසිසිපි හි ගබ්සාවට අනිවාර්යයෙන්ම අවසර ඇත, නමුත් ඒ සඳහා වන නීතිමය ක්රියා පටිපාටිය ඉතා සංකීර්ණ බව කියැවේ.
කායික මානසික වධ හිංසාවලින් පසු අවසානයේ දැරිය පුතෙකු බිහි කරයි.
'ටයිම් සඟරාව'ට අනුව - දැරිය තම මව සමඟ ගබ්සා සායන සොයා යයි. අවාසනාවකට, ප්රාන්තයේ ඉතිරිව තිබුණේ එකම ගබ්සා සායනයක් පමණක් වන අතර එයද දැන් වසා දමා ඇත. සායනය තියෙන්නේ මගේ ගෙදර ඉඳන් ගොඩක් දුර. පැය 9 ක් ගමන් කළ යුතුය. නැවත නැවතත් එහි ගොස් හිස් අතින් ආපසු ඒම මානසික වධයක් වුණා. වෙන ක්රමයක් නැති නිසා අපිට දරුවා බිහිකරන්න බල කළා.
මගේ දුවගේ වයස දරුවො හදන්න සුදුසු නැහැ.සෙල්ලම් කරන්න දුවන්න පනින්න කැමැත්තෙන් ඇය සිටියේ. දැන් ඇය මානසික අවපීඩනයෙන් පෙළෙනවා. එයාගෙ කාමරෙන් එලියට එන්න කැමති නෑ.
ඇය තවදුරටත් මා සමඟ කතා කරන්නේවත් නැහැ. ගැබ් ගැනීම ජනවාරි මාසයේදී අනාවරණය විය. ඒ වන විට ඇය සති 11 ක ගැබිනියක් විය.ෙ
1973 නීතිය යටතේ ගබ්සා කිරීමේ අයිතිය කාන්තාවන්ට තිබුණි. මේ යටතේ ඇමරිකාවේ ආරක්ෂිත ගබ්සා සායන දහස් ගණනක් ද ක්රියාත්මක විය. නමුත් ප්රාන්ත 14ක මෙම සායන වසා දමා ඇත.
පසුගිය වසරේ ඔහියෝ ප්රදේශයේ 10 හැවිරිදි දැරියක් දූෂණයට ලක් විය. ඔහියෝ ප්රාන්තයේ ගබ්සාව තහනම් කර තිබූ නිසා මෙම දැරියට තම ප්රාන්තය අතහැර ඉන්දියානා වෙත යාමට සිදු විය. ඇගේ දූෂකයා ජීවිතාන්තය දක්වා සිරගත කර ඇත. ඒත් මේ නිසා ඇයට නැති උන දේ ආපහු දෙන්න බැරිය. මෙවැනි කතා දැන් ඇමරිකාවේ සුලබ වෙමින් පවතී. එක් සංඛ්යාලේඛනයකට අනුව, ගබ්සා තහනම හේතුවෙන් බොහෝ ගැටලුවලට මුහුණ දෙන ඇමරිකානු ප්රාන්තවල අවුරුදු 15 සිට 33 දක්වා වයස් කාණ්ඩවල කාන්තාවන් මිලියන 25 ක් පමණ සිටිති.
0 Comments