මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ප්‍රදේශයෙන් අනාවරණයවී තිබේ.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකුටද මරු කැඳවූ මෙම රෝගය නිසා රැඳවියන් ගණනාවක් රෝහල් ගත කරන්නටද හේතු විය. පසුව මාස 8 ක දැරියකගේ මරණයටද මෙම බැක්ටීරියාව හේතුවූයේ යයි සැක පහළ විය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන බවත්
ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ආයතනයක සේවය කරනු ලබන බවත් ඔහුට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් ජනරාල් ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා විය.
මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් 30 දෙනෙකු පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට පියවර ගත් බව රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ. එම්. ගුණතිලක මහතා පැවසීය.
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීකයන්ගේ ජාතික ව්‍යාපාරයේ, සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටියේ මෙම බැක්ටීරියාව ආසාදනය වූ එක් පුද්ගලයෙකු හඳුනාගැනීම පවා ඉතා වැදගත් කරුණක් බවය.
"අපි බස්නාහිර පළාත භාර සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගෙන්, ඒ වගේම දකුණු පළාත භාර සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කරනවා තවත් දින කිහිපයකින් පාසල් විවෘත කරන නිසා ඊට පෙර බස්නාහිර සහ දකුණු පළාත තුළ මොළයේ උණ රෝගී තත්ත්වය ව්‍යාප්තිය පාලනයට ගනු ලබන පියවර සම්බන්ධයෙන්, ඒ වගේම දෙමාපියන් තුළ ඇති විය හැකි අනියත බිය පහකිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරලා ජනතාව දැනුවත් කරන ලෙස."
0 Comments