al-technology-exam

උසස්පෙළ විභාගයේ 2022 (2023) ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණ මේ මස 05,06,07 යන තෙදින තුළ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලිඛිත පරීක්‍ෂණ සඳහා පෙනී නොසිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්‍ෂණ සදහා සභාභාගි විය නොහැකි අතර,

මෙම පරීක්‍ෂණ මධ්‍යස්ථාන 77කදී පැවැත්වේ.

මේ අනුව සිංහල මධ්‍යයට අදාළ මධ්‍යස්ථාන 61ක් හා දෙමළ මාධ්‍යයට අදාළව මධ්‍යස්ථා 16කදී ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වෙන අතර, පාසල් සිසුන්ගේ අයදුම්පත් පාසල් වෙතත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඔවුන්ගේ ලිපිනයන් වෙතත් තැපැල් කර යවා තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ලිඛිත විභාගයේදී පෙනීසිටි විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර 'www.doents. Ik’ වෙබ් අඩවිය තුළින් පෞද්ගලික අයදුම්කරුවන්ට හා පාසල් අයදුම්කරුවන්ට ප්‍රවේශ පත්‍ර භාගත හැකිය.



මේ පිළිබඳ යම් විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නම් 1911 හෝ 011-2784208 හෝ 011-2784537 යන දුරකථන අංක මගින් සිදුකළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 ඉන්දික හේවාවිතාරණ