aluthgamage-speaks

ඔහු සඳහන් කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද රට බෙදීමට කටයුතු කළ බවයි. එබැවින් මේ සංවිධාන දෙකම, දෙකක් නොව එකක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මීරිගම යොවුන් නිකේතනයේදී (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ආසන බල මණ්ඩලයට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පැවසීය.



අරගලයේ පිටිපස්සේ හිටියේ කවුද කියලා අද එළිදරව් වෙමින් පවතිනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කුණුහරුපෙන් බැනපු හමුදුරුවෝ නමකගේ ගිණුමට රුපියල් කෝටි 100ක් බැරවෙලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හොයාගෙන තියෙන විදියට ඒ සල්ලි එවලා තියෙන්නේ ගෝතමාලාවෙන්. ලෝකයේ වැඩියෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙන්නේ ගෝතමාලාවේ. කුඩු නැති කරන්න කටයුතු කරපු නායකයා යවන්න සල්ලි පොම්ප කළේ ලෝකයේ වැඩියෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ කරන රටක්. ගෝල්ෆේස් අරගලයට කන්න දුන්නා කියලා එල්.ටී.ටී.ඊ දෙමළ ඩයස්පෝරාව ප්‍රසිද්ධියේම කිව්වා.

මේ දවස්වල අපි ජනාධිපතිවරු දෙන්නෙක් දකිනවා. එක්කෙනෙක් රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. අනිත් කෙනා ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසානායකයි. ජනතා විමුක්ති පෙරමුණ කිව්ව ගමන්ම මතක් වෙන්නේ මනුෂ්‍ය ඝාතන. බස් ගිනි තියපුවා. අන්න ඒ ලෙයින් වැකුණු අපකීර්තිමත් ඉතිහාසය වත්මන් පරම්පරාවෙන් වසංකරගන්න මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයයි,

ලකුණයි දෙකම මාරු කරලා. හැබැයි මේ රටේ මිනිස්සු මැරිල ඉපදිලා නැහැ. ජේ.වී.පී එක කරපුව අපිට හොඳට මතකයි.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අන්තවාදීන්ගේ, ජාතිවාදීන්ගේ දේශපාලන පක්ෂයක්. එදා මහින්ද මහත්තයා එල්.ටී.ටී.ඊ එක හතර වටින්ම වට කරලා තියෙද්දි 2008 දී අයවැය පරද්දන්න පාර්ලිමේන්තුව ඇතුලේ නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ තාත්තා හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙයි. ජනතා විමුක්ති පෙරමුණයි, එල්.ටී.ටී.ඊ එකයි දෙකම එකයි. ඒ දෙගොල්ලොන්ටම ඕනේ වුනේ රට බෙදන්නයි.