anguruwatota-murder-suspect-dies
අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ තරුණ මවක සහ මාස එකොළහක දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කළුතර මල්වත්ත ඛන්ධනාගාරයේ රඳවා සිටි හිටපු යුදහමුදා සෙබළාගේ සිරුර එහි එල්ලෙමින් තිබියදී ඊයේ (22) පස්වරුවේ සොයාගත් බව කළුතර උතුර පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ වරකාගොඩ සල්ගස්වත්ත මාවතේ පදිංචිව සිටි ඒ.ඒ.ඩී. ප්‍රියාන් මධුරංග නමැති පුද්ගලයෙකි.



අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 ක් වයසැති බිළිදියක වූ ටස්මි දිලන්යා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් කරනු ලැබ සිටියේය.
 ඉකුත් මාසයේ (18දා) ඝාතනයට ලක්වූ කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය නිවසින් අතුරුදන් ව දින තුනකට පසු එනම් (21දා) ඔවුන් දෙදෙනාගේ මළසිරුරු මීටර් 700ක් පමණ ඈතින් වූ රත්මල්ගොඩ කැලෑවක තිබී පොලීසිය මගින් මගින් සොයා ගැනිණි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා ඔවුන් දෙදෙනා අතුරුදන් වූ දින රාත්‍රියේදී තම මස්සිනා (නැගණියගේ සැමියා) අතුරුදන්වීමේ සිද්ධියට සැක බව අඟුරුවාතොට පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබූ අතර ඒ හේතුවෙන් සැකකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන දින දෙකකට පසු මුදාහැර තිබිණි.



මවගේ සහ දියණියගේ මළසිරුරු හමුවීමෙන් අනතුරුව ඊට පසුදින (22දා) සැකකරු වරකාගොඩ ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හොරණ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කර සිටියදී රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
ඔහු හමුදාව හැර ගිය සෙබළෙකු මෙන්ම ප්‍රදේශයේ කාන්තාවන් කීප දෙනෙකුට අයුතු බලපෑම් කර ඇති බවට වාර්තාවී තිබුණ අයෙකි.

විමර්ශන ඇරඹූ පොලීසියට, ඔවුන්ගේ නිවසේ ශීතකරණයේ දොරෙහි සහ නිවසේ බිම තිබූ, මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් නිරීක්ෂණය කරග්නනට හැකි විය. නිල සුනඛ අබෘෘනෝ සැක සහිත පුද්ගලයාට අයත් ත්‍රි රෝද රථය අසල ඉව කළේය. ඒ අනුව සැකකරු පොලිස් භාරයට ගත් නමුත් ප්‍රකාශ සටහන් කරගෙන සැකකරු මුදා හැරිය බව පොලිසිය පැවසුවේය.
මුදා හැරි බව කී සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පසුව ආරංචි විය.
ඒ වනවිට මළ සිරුරු හමුවී නොතිබිණි.
පලා යන්නට පෙර සැකකරු සිය නිවසට ගොස් මවත් බිරියත් හමුවී මුදල් ද ඉල්ලාගෙන හිස හැරුණු අතේ යන බව පවසමින් පිටත්ව ගොස් තිබිණි.
 විමර්ශන කණ්ඩායම් සැක කළේ නිවස ආසන්නයේ අතුරුදහන් වූ අයගේ මළ සිරුරු තිබිය හැකි බවටය.


ඒ සැකය මත කළ විමර්ශනවල දී අගුරුවාතොට ඌරුතුඩාව රත්මල්ගොඩ  කැලෑවක තිබී බිළිදියගේ මළසිරුර සොයාගෙන තිබිණි. එය හමුවූයේ කොට්ටඋරයක ඔබා තිබිය දී ය.
තවදුරටත් සොයා බලද්දී  එයට මීටර් 25 ක් පමණ දුරකින් පිහිටි බටදොඹ ගසක් අසල තිබී වාසනාගේ සිරුර  පොලිසිය විසින් සොයා ගත්තේය.මිනිස්සු රත්මල්ගහ කැලෑව  අවට රැස් කන්නට වූහ. අපරාධ ස්ථානය රැක ගැනීමට පොලිසිය  සෑහෙන වෙහෙසක් දරනු පෙනුණි.
ඝාතනයට ලක්වූ කාන්තාව පරිහරණය කළ තුවායද මළ සිරුර අසල තිබී පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.

මවගේ උදරය සහ රහස් ප්‍රදේශය කබරු විසින් කා දමා තිබූ බවත් බිලිඳියගේ සිරුර ඊට මීටර් පහළොවක් පමණ ඈතින් වූ කටු පොල් ගසක් ආසන්නයේ දමා තිබූ බවත් පොලිසිය කියයි.
මවගේ මළ සිරුර අසලම තිබූ බිලිඳියගේ මළ සිරුර කබරුන් විසින් ඇඳගෙන යන්නට ඇතැයි සැක කරන පොලිසිය ඇයගේ හිස කොටස කබරු කා දමා ඇතැයි පවසයි.
රූමත් තරුණ මවගේ සහ බිලිඳියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකයට භාජන වී සිටින ප්‍රදේශයෙන් පලාගිය හිටපු හමුදා සෙබළා මෙම තරුණ මවට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ දැරීමේදී ඇය ඊට විරෝධය පෑම හේතුවෙන් ඇති වූ කිසියම් සිද්ධියක දී ඇය සිහි විසඥ වූ වීමෙන් හෝ මිය යාමෙන් අනතුරුව හිටපු හමුදා සෙබළා එම කාන්තාව ඇය පරිහරණය කරන තුවායේ ඔතා බිලිඳිය සමග ඔහුගේ ත්‍රිරෝද රථයෙන් කැලෑවට රැගෙන විත් දමන්නට ඇතැයි  සැක මතු විය. ඔහු සම්බන්ධ ප්‍රශ්න කිරීම් සිදුවන අතර ඔහු දිගටම බන්ධනාගාර ගතව සිටියේය.

ඔහු එල්ලී මියයන්නේ ඉන් පසුවයි.

සැකකරුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධිය පිළිබඳව කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.