ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට තමන්ගේ මාලිමාව - ජාතික ජන බලවේගය වශයෙන් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා නම් කර ඇති බවත් ඒ තමන්ගේනම බවත් අනුර කුමාර දිසානායක මහතා ඊයේ හිරු ටීවී සලකුණ වැඩසටහනේදී හෙලිදරව් කළේය.
පෙර දිනයේ මේගැන යම් සාකච්ඡාවක් සිදුවු බවත් සාකච්ඡාවෙන් පසු ජාතික ජන බල වේගයේ යම් විධායක සභාවක් ඊයේ රැස්වුණෙ බවත් ඔහු හෙළි කළ අතර. ඒ රැස්වීමට මේ යෝජනාව ඉදිරිපත් කර නිල වශයෙන් 28 සවස අනුමැතිය ලබාදුන් බව කියා සිටියේය.
මෙවර ජනපතිවරණයක කඳවුරු දෙකක් පැවතිය හැකි බවත් එහි එක් කඳවුරක් වන්නේ තමන්ගේ ප්රතිපත්ති වලට විරුද්ධ කඳවුර බවත් අනෙක් කඳවුර තම කඳවුර බවත් පැහැදිලි කළ අනුර කුමාර මහතා කියා සිටියේ මෙවර ‘සක්කයක්‘ ලෙස කටයුතු කරමින් පක්ෂපාත බව අඟවා තමන්ට විරුද්ධව යමෙකු ඉදිරිපත්වන්ටද ඉඩ තිබෙන බවයි.
0 Comments