aprtment-unit-tax

ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයන්හි නිවාස මිලදී ගත් තැනැත්තන්ගෙන් ආදායම් බදු අය කිරීමට රජය තීරණය කර තිබේ. එම තීරණය අනුව නිවාස සංකීර්ණවල නිවෙස් මිලට ගෙන ඇති පුද්ගලයන් හා ඒවායේ පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සපයන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්ලිව්.එන්.ඒ. විජේසූරිය නිවාස සංකීර්ණ කළමනාකරණ සමාගම් වෙත පසුගියදා ලිඛිතව දැනුම් දුන්නේය.



වර්තමානයේ රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට බදු ආදායම විශාල ලෙස වැදගත් වන හෙයින් දැනට එම නිවාස සංකීර්ණයන්හි නිවෙස් මිලට ගෙන ඇති සහ පදිංචිව සිටින සියලු පුද්ගලයන් පිළිබඳ තොරතුරු සපයන ලෙස දේශීය ආදායම් කොමසාරිස්ගේ ලිඛිත නියමයේ සඳහන්ය. දේශීය ආදායම් පනතේ වගන්ති අංක 123(1) ප්‍රකාරව තමන්ට හිමි වී ඇති බලතල අනුව මෙම ලිඛිත ඉල්ලීම අදාළ ආයතනවලට යොමුකරන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.