bad-paddy-money

වගා විනාශ වී තිබෙන ගොවීන්ට කඩිනමින් වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මානව හිමිකම් කොමිසම කෘෂිකර්ම, වාර්මාර්ග සහ විදුලිබල යන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන්ට නියෝග කර තිබේ. තවද මේ සම්බන්ධයෙන් වන වාර්තා එළඹෙන 16 වැනිදාට පෙර කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසද, මෙවැනි ක්‍රියා මින් ඉදිරියට සිදු නොවීමට වගබලා ගන්නා ලෙසද පවසමින් මානව හිමිකම් කොමිසම දැඩි අවවාදයක්ද කර ඇත.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පසුගිය 07 වැනිදා ගොනුකළ පෙත්සම ඊයේ (09දා) මානව හිමිකම් කොමිසම හමුවේ විභාගයට ගනු ලැබූ අතර එහිදී කරුණු දැක්වීම සඳහා කෘෂිකර්ම, වාරිමාර්ග සහ විදුලිබල යන අමාත්‍යංශවල ඉහළ නිලධාරීන් කැඳවා තිබිණ.



ගොවි ජනතාවට වැරැද්දක් සිදු වූ බවත්, මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොවීමට වගබලා ගන්නා බවත් මානව හිමිකම් කොමිසම හමුවේ කෘෂිකර්ම, වාරිමාර්ග හා විදුලිබල අමාත්‍යාංශවල ඉහළ රාජ්‍ය නිලධාරීන් පවසා ඇත.

වගාවට අවශ්‍ය ජලය මුදා නොහැරීම කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට වී ගොවිතැන විනාශයට පත්ව ඇති ආකාරය හා ඊට මැදිහත් නොවීම පිළිබඳවත් මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මානව හිමිකම් කොමිසමේදී කරුණු දක්වා ඇති අතර, ඉන් අනතුරුව එම නිලධාරින් මේ බව පවසා තිබේ.

-නවෝද්‍යා පවනි