බලුමැක්කන් බෝවීම නිසා බළපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය ඊයේ (28) සහ අද (29) වසා දමා ඇත.ප්‍රාථමික අංශය වසා දැමීම පිළිබඳව විදුහල්පතිනිය පෙරේදා (27) වට්ස්ඇප් හරහා මවුපියන් දැනුවත් කර ඇත. මේ පිළිබඳව බළපිටිය රේවත ජාතික පාසලේ විදුහල්පතිනි තමරා කුමාරි මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවැසුවේ බලු මැක්කන් සහ ඇසට නොපෙනෙන කුඩා වැලි මැක්කන් ප්‍රාථමික අංශයේ බෝවී සිටි බැවින් සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගී කරගෙන
බෙහෙත් වර්ග යොදා මැක්කන් මර්දනය කළ බවය.
වෛද්‍ය උපදෙස් අනුව තවදුරටත් බෙහෙත් ගැල්වීම් සිදුකරන බවත් අයාලේ යන සුනඛයන් පාසලේ සැරිසැරීම නිසා මීට පෙර මේ ආකාරයෙන් මැක්කන් බෝවීමේ ප්රශ්නය මතු වූ බවත් ඇය කීවාය.ඒ අනුව දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකා බලා දින දෙකක් වසා දැමීමට තීරණය කළ බවද ඇය පැවැසුවාය. මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරුද්ධිකා කලෙහෙවත්ත මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ පාසලේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාසල පවිත්‍ර කිරිම සඳහා දින දෙකක් පාසල වසා දැමීමට තීරණය කළ බවය.මේ පිළිබඳව බළපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කීවේය.
‛පාසල වසා දැමීමට අපේ අනුමැතියක් දීලා නැහැ. මීට පෙර බලු මැක්කන්ගේ ප්‍රශ්නයක් තිබුණා.
අපි ඒකට බෙහෙත් වර්ග යොදල මැක්කන් මර්දනය කරන්න පියවර ගත්තා. බලු පැටව් වදපු බැල්ලියක් ඉන්නවා. ඒ සතුන් පාසලෙන් එළවන තුරු මේ මැක්කන් මර්දනය කරන්න බැහැ. මැක්කන් මර්දනය කරන්න අපට කරන්න පුළුවන් දේ කළා' යැයිද ඔහුකීය.
එස්.ඒ.වයි. ද සිල්වා
0 Comments