birth-certificate

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසු අවලංගු නොවන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.



ඒ අනුව මීට පෙර එම ලේඛන මාස 6කට වලංගු වන බව පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදන කරයි.

නිකුත් කරන ලද ඕනෑම සහතිකයක සහතික පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, විදේශ යන අමාත්‍යංශවලටත් ආගමන විගමන හා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් යම් අවස්ථාවක දී උප්පැන්න විවාහ සහ මරණ ලේඛනයක සංශෝධනයක් සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.