වෛද්‍යවරුන් ලෙස හා වෙනත් සෞඛ්‍ය සේවකයන් ලෙස ව්‍යාජ ආකාරයට හතළිස් දහසකට අධික පිරිසක් ප්‍රතිකාර සේවාවල නිරතව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කළේය.



ඇතැම් වෛද්‍යවරුන්ගේ බිරින්දෑවරුන් හා වෛද්‍යවරියන්ගේ සැමියන් වෛද්‍යවරුන් ලෙස කටයුතු කරන අවස්ථා පවා තිබෙන බවත්, මීට අමතරව හෙද නිලධාරීන් ලෙස හා වෙනත් සෞඛ්‍ය සේවකයන් ලෙස ව්‍යාජ පිරිස් කටයුතු කරන බවත් පවසා සිටියේය. මේ නිසා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන නියාමනය කිරීමට හා රජයේ වෛද්‍යවරුන් රාජකාරි වෙලාවන්හි පෞද්ගලික වෛද්‍ය සේවාවල නිරත වීම වැළැක්වීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවද සඳහන් කළේය.
එච්. අයි. තුෂාර