නාරාහේන්පිට නිපුණතා පියසේ පරේශ්ෂණ කළමනාකාරවරිය හිටිහැටියේ මියගොස් ඇතැයි පිළියන්දල පොලීසිය කියයි. මෙලෙස මිය ගොස් ඇත්තේ නවෝද්‍යා දනන්ජිකා එදිරිසිංහ නමැති 35 හැවිරිදි අවිවාහක තැනැත්තියකි. මියගිය කළමනාකාරවරිය සහෝදරියට අයත් පිළියන්දල ඇයගේ පල්ලිය පාරේ දෙමහල් නිවසේ උඩුමහලේ පදිංචිව සිටින අතර සහෝදරිය අලුයම කාමරයේ දොරට තට්ටු කර ඇති අතර ඇය නින්දේ පසුවන බව සිතා රැකියාවට පිටත්ව ගොස් තිබූ බව පොලිසිය පවසයි.



අනතුරුව රැකියා ස්ථානයේ සිට අවස්ථා කිහිපයකදී මියගිය අයගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තද එයට ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් රැකියා ස්ථානයේ සිට නිවෙසට පැමිණ අසල්වාසීන් සමඟ නිවසේ උඩුමහලේ ජනේලයක වීදුරුවක් කඩා එහි අගුලු හැර බැලීමේදී ඇය ඇඳ අසල බිම පැත්තට වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි. ඒ වන විට ඇයගේ නහයෙන් වැගිරුණු ලේ මුහුණ පුරා විසිරී තිබී ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් පවසයි.

හදිසියේ මියගිය කළමනාකාරවරිය පෙරදින රාත්‍රී සෙම වැඩිවීම හේතුවෙන් උණු වතුර දුමාරය අල්ලා තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෘත දේහය තිබූ ස්ථානයට කැස්බෑව අධිකරණයේ මහේස්ත්‍රාත්  අසංක බෝදාගොඩ  මහතා පැමිණ පරීක්ෂණ පවත්වා එය පශ්චාත් මරණ පරීක්ෂණය  සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කරන ලෙස නියෝග කළේය.


බිමල් ශ්‍යාමන් ජයසිංහ