Next-census-using-this-year-by-tab

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023-2024 වෙනුවෙන් 15 වන ජන හා නිවාස සංගණනය
මේ දිනවල සැලසුම් කරමින් සිටින අතර දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන වලට අමතරව ඩිජිටල් ටැබ්ලට් පරිගණක භාවිතා කිරීමට නියමිතය.

වසර 150 කට වැඩි ඉතිහාසයක් පුරා දිවෙන මෙම සංගණන ක්‍රියාවලියේ එහි ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩිජිටල් මාධ්‍ය භාවිත කරන අතර ඒ හේතුවෙන් මෙවර සංගණනයේ ප්‍රතිඵල ඉක්මණින් ලබාදීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇතැයි දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.



සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියර මෙම වසරේ අගභාගයේදී ආරම්භ කිරීමට නියමිත අතර පසුව ගණන් කිරීමේ අදියර 2024 ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වසරේ සංගණනය සඳහා ගණන් කරන්නන් 16,000ක් පමණ බඳවා ගැනීමට නියමිත අතර ඔවුන් සියලු දෙනාම රාජ්‍ය අංශයේ සේවකයන් වනු ඇත. ලැයිස්තුගත කිරීමේ අදියරට සම්බන්ධ නිලධාරීන් පුහුණු කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැනටමත් ආරම්භ කර ඇත.