British-museum-chief-resigns-after-caught-selling-artefacts-on-eBay

සොරකම් රැසක් වාර්තාවී විමර්ශන සිදුවන අතර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ. බ්‍රිතාන්‍ය යටත්විජිත ලෙස පැවති ශ්‍රී ලංකාව ඇතුළු රටවල කෞතුක වස්තු මෙන්ම තවත් වටිනා පුරාවිද්‍යාත්මක භාණ්ඩ රාශියක් තැන්පත්කර ඇති මෙම කෞතුකාගාරයේ 2016 සිට ප්‍රධානියාව සිටි හාර්ට්විග් ෆිෂර්ගේ ඉල්ලා අස්වීම කෞතුකාගාරයේ භාරකාර මණ්ඩලය විසින් පිළිගෙන ඇත.
නිල වාර්තාවල සඳහන් ආකාරයට එහි ලැයිස්තුගත භාණ්ඩ 1500 ක් පමණ අතුරුදන්ව ඇති අතර ඇතැම් වාර්තා මගින් කියැවෙන්නේ එම ප්‍රමාණය ඊටත් වැඩිවිය හැකි බවයි. සොරකම් සිදුවන්නේ  2021 සිට 2023 දක්වා කාලයේය.



සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා අස්වූ ෆිෂර් මෙසේ පැවසීය: “පසුගිය දින කිහිපය තුළ මම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සිදු වූ සොරකම් සහ ඒවා පිළිබඳ විමර්ශනය පිළිබඳ විස්තරාත්මකව සමාලෝචනය කළෙමි.
“අතුරුදහන් වූ, සොරකම් කළ හෝ හානි වූ” බවට සොයා ගත් භාන්ඩ එසේ පිටමං කළ සේවකයෙකු සේවයෙන් පහ කිරීමටද කටයුතු කළෙමි. ඒ ගැන මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් විමර්ශනයක්ද සිදු කරන ලදී.
කෙසේ වෙතත් මෙට්‍රොපොලිටන් පොලිසිය මෙසේ පැවසීය: “අපි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සමඟ වැඩ කරමින් සිටිමු. දැනට විමර්ශනයක් සිදුවෙමින් පවතී - අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැති අතර පරීක්ෂණ දිගටම කරගෙන යයි.
නැතිවූ බොහෝ භාණ්ඩ කෞතුකාගාරයේ එකතුවකට අයත් “ගබඩා කාමරයක තබා ඇති කුඩා කැබලි” විය.

"ක්‍රි.පූ. 15 වැනි සියවසේ සිට ක්‍රි.ව. 19 වැනි සියවස දක්වා දිවෙන රන් ආභරණ සහ අර්ධ වටිනා ගල්වල මැණික් සහ වීදුරු මේවාට ඇතුළත් වේ" යැයි කෞතුකාගාරය පවසන අතර, එම භාණ්ඩ කිසිවක් මෑතකදී මහජන ප්‍රදර්ශනයට තබා නොතිබූ ඒවා බවත් බොහෝ දුරට අධ්‍යයන කටයුතු සඳහා තබා තිබූ ඒවා බවත් පැවසේ.

කෞතුකාගාරයේ අස්ථානගතවීම් ගැන වසර දෙකකට පෙර ප්‍රකට පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය ග්‍රේඩල් විසින් ප්‍රථම වරට අනතුරු ඇඟවීමක් කර තිබුණි.
ඔහු යොමු කළ විද්‍යුත් තැපෑල් පනිවිඩයක් මාධ්‍ය වෙතද යොමුව තිබූ අතර ඊබේ ඔස්සේ අන්තර්ජාලය හරහා විකිණීමට ඇති බව ඔහු පැවසූ රෝමානු ආගන්තුක භාණ්ඩයක ඡායාරූපයක් සැකයට භාජනය වී ඇති බව ඔහු පෙන්වාදී තිබුණි.
ඔහු යෝජනා කළේ මෙම අයිතමය මීට පෙර කෞතුකාගාරයේ වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇති නමුත් පසුව එය ඉවත් කර ඇති බවයි.



කෞතුකාගාරය පැවසුවේ එය විමර්ශනය කරන බවයි, නමුත් ප්‍රගතිය පිළිබඳ පසු විපරම් කිරීමට ආචාර්ය ග්‍රේඩෙල් විද්‍යුත් තැපෑල එවූ විට කිසිවක් සිද්ධවූයේ නැති බව කියැවිණි. ඔහු කෞතුකාගාර අධ්‍යක්ෂ ෆිෂර් මහතාට චෝදනා කළේ “ඒ සියල්ල කාපට් යට අතුගා දැමූ” බවයි.

PA ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, අතුරුදහන් වූ අයිතම "සැලකිය යුතු" කාල පරිච්ඡේදයක් තුළ ලබාගෙන ඇති බවට විශ්වාස කෙරේ.
ඒවායින් සමහරක් eBay හි විකිණී ඇති බව වාර්තා වන අතර, ඒවායේ සැබෑ ඇස්තමේන්තුගත වටිනාකමට වඩා සැලකිය යුතු ලෙස අඩු මුදලකට අලෙවි වී ඇතැයි පැවසේ.