ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක ප්‍රනාන්දු විලාවිසෙන්සියෝ (Fernando Villavicencio)  වෙඩි තබා ඝාතනය කර තිබේ.ඉක්වදෝරයේ ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී මොහුව වෙඩි තබා ඝාතනය කර තිබේ.



බදාදා උතුරු ප්‍රදේශයේ ක්විටෝ (Quito)  හි පැවති උත්සවයෙන් පිටව යද්දී රටේ ජාතික සභාවේ සාමාජිකයෙකු වන ප්‍රනාන්දු විලවිසෙන්සියෝ (Fernando Villavicencio) ප්‍රහාරයට ලක් විය.

ඔහුගේ ප්‍රචාරක කණ්ඩායමේ සාමාජිකයෙක් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ විලිවිසෙන්සියෝ මහතා මෝටර් රථයකට ගොඩවෙමින් සිටියදී මිනිසෙක් ඉදිරියට පැමිණ ඔහුගේ හිසට වෙඩි තැබූ බවයි.

59 හැවිරිදි Villavicencio මහතාට තුන් වතාවක් වෙඩි තබා ඇති බව සාක්ෂිකරුවන් පැවසීය.

ආරක්‍ෂක අංශ සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරු ද  තුවාල ලබා මිය ගිය බව එරට නීතිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

එක් අපේක්ෂකයෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.



ජනාධිපතිවරණයේ පළමු වටය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඡන්දයට නොපැමිණෙන ලැසෝ (Lasso) මහතා, මෙම ඝාතනයෙන් තමා "කෝපයට හා කම්පනයට පත් වූ" බව පැවසීය. එසේම "සංවිධානාත්මක අපරාධ බොහෝ දුර ගොස් ඇති අතර ඒ සදහා නීතිය නිසි ආකාරව සිදු වනු ඇතැයි" ද ඔහු පැවසීය.

ඉක්වදෝරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රචණ්ඩකාරී අපරාධවල මෑත කාලීන වැඩිවීම, මේ වසරේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කාරණයක් වී තිබේ.

පසුගිය මාසයේදී , සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ඝාතන රැසකින් පසු පළාත් තුනක හදිසි සහ රාත්‍රී ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේ  ලස්සෝ  (Lasso) මහතා විසිනි.


 Villavicencio මහතාගේ ව්‍යාපාරය,  ආරක්ෂාව මෙන්ම, දූෂණය මැඩලීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ඔහු මාධ්‍යවේදියෙකු ලෙස පෙර වෘත්තීය ජීවිතයේදී ආවරණය කළ මාතෘකාවක් ලෙස පාරිසරික විනාශය අවම කිරීමද දැක්වෙයි.

පසුගිය සතියේ ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කල්ලි නායකයෙකු තමා ඇතුළු කණ්ඩායමට තර්ජනය කර ඇති බවයි.

විවාහකව දරුවන් පස් දෙනෙකු සිටි Villavicencio මහතා මැතිවරණයේ පළමු වටයේ අපේක්ෂකයන් අට දෙනාගෙන් කෙනෙකි. නමුත් ඉදිරි අපේක්ෂකයා ඔහු නොවේ.



ජූලි මාසයේදී Manta නගරයේ නගරාධිපති Agustin Intriago සහ පෙබරවාරියේ Puerto López නගරයේ නගරාධිපති අපේක්ෂක Omar Menéndez ඝාතනයෙන් පසුව , Villavicencio ඝාතනය සිදු විය.

උපහාර පුද කරමින්, Villavicencio මහතාගේ පක්ෂය, Intriago මහතාගේ මරණයෙන් පසු ජනාධිපතිවරණ ව්‍යාපාරය අත්හිටුවීමට කරන ලද ඇමතුම්වලට ප්‍රතිචාර වශයෙන් ඔහු සමාජ මාධ්‍ය වෙත පළ කළ අදහසක් බෙදා ගත්තේය.

"අපරාධකරුවන් පුරවැසියන් සහ නිලධාරීන් ඝාතනය කරන මොහොතක සැඟවී සිටීම නිවට ක්‍රියාවකි" ලෙස ඔහු සටහන් කර තිබුනේය.

හිටපු උප ජනාධිපති සහ සෙසු අපේක්ෂක Otto Sonnenholzner,  ඔවුන්ගේ "බලවත් ශෝකය " Villavicencio මහතාගේ පවුල වෙත යැවීය.

Frontrunner Luisa Gonzales ද Villavicencio මහතාගේ පවුල සමග  "ශෝකය" බෙදාගත් අතර, "මෙම පහත් ක්‍රියාවට දඬුවම් අනිවාර්යයෙන්ම ලැබෙන බවද පැවසීය."